අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදේස් ශ්‍රමිකයන්ටත් වෘත්තීය පුහුණුව

    අගෝස්තු 09, 2019

    වෘත්තීය පුහුණුව නොලැබ විදේශයන්හි රැකියාවන්හි නියුතු ශ්‍රමිකයන් සදහා ජාතික වෘත්තීය පුහුණු සහතිකය (NVQ) ලබා දීමට අවශ්‍ය කටයුතු කරන ලෙසට ජාතික ආදුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරියේ (NAITA) ප්‍රධානීන්ට, කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීන අවතැන් පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා උපදෙස් ලබා දෙන ලදී.

    ශ්‍රී ලංකාවේ ලෙබනන් තානාපතිතුමා මා සමග පැවසූවා, ශ්‍රී ලාංකීය ශ්‍රමිකයන් 30000ක් පමණ එහි සේවය කරන බව. ඔවුන් වෘත්තීය නිපුනතාවයෙන් හා කුසලතාවයන් සහිතවූවන් නොවේ. ඔවුන්ට වෘත්තීය පුහණුව ලබාදී (NVQ) සහතිකය ලබාදුනහොත් ඔවුන්ගේ වැටුප් විශාල වශයෙන් ඉහලදැමිය හැකි යැයි ඔවුන් මා සමග පැවසුවා යැයි අමාත්‍යවරයා පැවසීය. ජාතික ආදුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරියේ (NAITA) ප්‍රධානීන් සමග එහි ප්‍රගති සමාලෝචන රැස්වීමක් ඊයේ (08) දින අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැති අතර එහිදී අමාත්‍ය වරයා එසේ පැවසීය.


    විදෙස් ශ්‍රමිකයන්ගේ කුසලතාව වැඩි කිරීම මගින් ඔවුන්ගේ වෘත්තීයට වැඩි අගය එකතු කිරීමක් සිදු වෙනවා. ඒ වගේම අදායම ඉහල යනවා. ඔවුන්ගේ පවුල්වල ජීවන තත්වය ඉහල යනවා. ශ්‍රී ලංකාවට ගලාගෙන එන අදායම ඉහල යනවා.
    එමනිසා මේ සම්බන්ධව ලෙබනනයේ සිටින ශ්‍රී ලංකා තානාපති සමග සාකච්ඡාකර කඩ්නම් වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා එහිදී නිළධාරීන්ට පැවසීය.


    නුපුහුණු ශ්‍රමිකයන්, අඩු අධ්‍යාපන මට්ටමක් සහිත හා වෘත්තීය පුහුණුව නොලත් විදෙස් ශ්‍රමිකයින් පිළිබද සොයාබලා ඔවුන්ට අවශ්‍ය වෘත්තීය පුහුණුව ලබාදෙන ලෙසද අමාත්‍යවරයා එහිදී පැවසීය.

    මෙම අවස්ථාවට අමාත්‍යාංශයේ ලේකම්,රංජිත් අශෝක මහතා ඇතුලු ආයතන සභාපති වරුන් ඇතුලු නිළධාරීන් රැසක් සහභාගී විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya