අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තද වැසි, තද සුළං සමඟ මුහුද රළු වෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි

    අගෝස්තු 08, 2019

    2019 අගෝස්තු මස 08 එනම් අද දින කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් රතු නිවේදනයක් නිකුත් කරමින් දිවයිනේ තද වැසි, තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබදව අනතුරු අගවා ඇත.

    ඒ අනූව දිවයිනට බස්නාහිර දෙසින් වන මුහුදු ප්‍රදේශයේ පවතින ක්‍රියාකාරී වළාකුළු පද්ධතිය හේතුවෙන්, මන්නාරම සිට පුත්තලම හරහා කලුතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ වල තද වැසි ඇතිවිය හැකි අතර, සුළං
    වේගය ක්ෂණිකව පැ.කි.මී. 70-80 පමණ ඉහල යාමට ඉඩ ඇති හෙයින් එම මුහුදු ප්‍රදේශ ක්ෂණිකව රළු වීමට වැඩි හැකියාවක් පවතී.

    මේ හේතුවෙන් ධීවර සහ නාවුක ප්‍රජාවට මේ පිළිබදව ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.

    පුත්තලම සිට මන්නාරම, කන්කසන්තුරය සහ මුලතිවු හරහා ත්‍රිකුණාමලය දක්වා මුහුදු ප්‍රදේශ වල සහ පොතුවිල් සිට මඩකලපුව දක්වා මුහුදු ප්‍රදේශ වල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 60 – 70 දක්වා වැඩි වන අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ.

    පුත්තලම සිට මන්නාරම, කන්කසන්තුරය සහ මුලතිවු හරහා ත්‍රිකුණාමලය දක්වා මුහුදු ප්‍රදේශ වල සුළගේ වේගය පැ.කි.මී. 80 දක්වා ක්ෂණිකව ඉහල යාමේ හැකියාව විශේෂයෙන්ම සවස් කාලයේදී සහ රාත්‍රී කාලයේදී පවතී. හම්බන්තොට සිට පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශ වල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50 – 60 දක්වා වැඩිවිය හැකි අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැක. ධීවර සහ නාවුක ප්‍රජාව මේ පිළිබදව ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya