අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියෝග තුනක් විවාදයට- ඉදිරියේ දී තවදුරටත් අපනයනය වර්ධනය කරගන්න හැකියාව තිබෙනවා

    අගෝස්තු 08, 2019

    ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියෝග තුනක් අද (8) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනිණි.

    සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙලඳ නියෝජ්‍ය අමත්‍ය නලින් බණ්ඩර ජයමහ මහතා විසින් විවාදය  ආරම්භ කළේ ය.

    නව අපනයනකරුවන් දෙදහසක් හඳුනාගැනීමටත් සෘජු අපනයන කරුවන් දිස්ත්‍රික්ක මට්ටමින් හඳුනාගැනීමට  වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය. නව අපනයන කරුවන්ට නව වෙලඳපොල  හඳුන්වාදීමට කටයුතු කරන බවද කී නියෝජ්‍ය අමාත්‍යවරයා අපනයනය මත ආර්ථිකය සංවර්ධනය කළ යුතු යන මතයේ රජය සිටින බවද පැවසීය.

    අපේ රටේ ව්‍යවසායකයින් සෘජු අපනයනකරුවන් බවට පත් කරන වැඩපිළිවෙලක් ක්‍රියාත්මකයි. ලොවක් දින  ගමක් වැඩසටහන යටතේ ගම්මාන හඳුනාගෙන ගොවීන්ට පහසුකම් ලබාදීලා ඔවුන්ට සෘජු අපනයන  වෙළඳපොළක් හඳුන්වාදීමට පියවර ගෙන තිබෙනවා. 2018-2019 කාලය තුළ සමස්ත අපනයනය සියයට 11%ක  වර්ධනයක් සිදුව තිබෙනවා.

    අපට පුළුවන් වුනා කෙටි කාලයක් තුළ ජී .එස්.පී. ප්ලස් සහනය ලබාගන්න හැකි වුනා.දියමන්ති මැණික්  ස්වර්නාභරණ ක්ෂේත්‍රයේ වර්ධනයක් ඇති කරගන්න හැකි වී තිබෙනවා. විසිතුරු මත්ස්‍ය අපනයනය වර්ධනයක්. පළතුරු අපනයන වර්ධනයක් ඇති කරගන්න හැකි වුණා. සමස්ත වෙළඳ අපනයනය 2018 ඩො. මිලි. 11890  දක්වා වර්ධනය කරගන්න හැකි වී තිබෙනවා.

    රටක් ලෙස ඉදිරියට යන්න නම් අපනයනය ඉතා වැදගත්. වර්ධනයන් පිළිබඳ සතුටු වෙන්න පුළුවන්. ඇගළුම්  ක්ෂේත්‍රයේ 2019 වසරේ ඩො.මි.423ක වර්ධනයක් ඇති කරගන්න හැකි වී තිබෙනවා. ඉදිරියේ දී තවදුරටත්  අපනයනය වර්ධනය කරගන්න හැකිවේ යැයි විශ්වාස කරනවා යැයි ද පැවසීය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya