මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොදු ව්‍යාපාර කරක සභාව මාධ්‍යයට විවෘතයි -කතානායක 

    අගෝස්තු 08, 2019

    පොදු ව්‍යාපාර කරක සභාව  ආවරණය කිරීමට සවිකර තිබෙන කැමර පද්ධතිය භාරදීමේ අවස්ථාව හෙට (8) පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවැත්වීමට නියමිතය.

    මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී කතානායක කරූ ජයසූරිය මහතා සඳහන් කර සිටියේ,ඉන් අනතුරුව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ රැස්වීම මාධ්‍යයට විවෘත කරන බවය. මෙහිදී මාධ්‍ය වගකීමෙන් කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වන බවද කතානායකවරයා සඳහන් කර සිටියේ ය.

    පාර්ලිමේන්තු ක්‍රියාදාමය තුළ මෙය තවත් ඉදිරි පියවරක් ලෙස සඳහන් කිරීමට කැමැති බවද කතානායකවරයා සඳහන් කළේ ය.

    මෙහිදී අඳහස් දැක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශූ මාරසිංහ  මහතා; කාරක සභාව මාධ්‍යයට විවෘත කිරීම අගය කරන බව කීය. ආංශික අධීක්ෂණ කාරක සභාත් මාධ්‍යයට විවෘත කිරීමට කටයුතු කර දෙන්නැයි ඉල්ලා සිටියේ ය.

    ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කර තිබෙන බව ඊට පිළිතුරු දෙමින් කතානායකවරයා සඳහන් කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya