අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අපනයන ගම්මාන 5000 ක් රට තුළ ඇති කිරීමට සැළසුම් - අමාත්‍ය දයා ගමගේ

    අගෝස්තු 08, 2019

    විදේශ වෙළදපල ඉලක්ක කරගෙන රට තුළ අපනයන ගම්මාන 5000 ක් ඇති කිරීමට සැලසුම් කර ඇති බව ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබල ගැන්වීම් අමාත්‍ය දයා ගමගේ මහතා පැවසීය.

    ඒ මහතා මේ බව පැවසූයේ අමාත්‍යංශයේ සංවර්ධන වැඩසටහන් වල ප්‍රගතිය සහ රජයේ සංවර්ධන වැඩසටහන් සහා වර්තමාන අභියෝග පිළිබඳ ව ඊයේ (07) දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී පැවති මාධ්‍ය සාකච්ඡාවේදී ය.

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත තම අමාත්‍යංශය මඟින් රට පුරා අපනයන කෘෂි අධි කලාප 23 ක් සහ අපනයන මත්ස්‍ය අධි කලාප 10 ක් ස්ථාපිත කිරීමට අවශ්‍ය සාකච්ඡා දැනටමත් සිදු කර ඇති බවත් මෙහිදී සඳහන්
    කරන ලදී.
    ලංකාවේ අපනයන ක්‍ෂේත්‍රය තුළ 39% ක වර්ධනයක් දක්නට ඇති බවත්, ඒ අනුව වාර්ෂිකව ඇමරිකානු ඩොලර් මිලියන 500 ට වැඩි අදායමක් ලබා ගත හැකි වන පරිදි ඉලක්ක කරගනිමින් මෙම අපනයන ගම්මාන වැඩසටහන ක්‍රියාත්මක කරන බව සහ TGC අඹ පැළ බෙදා දීමේ ව්‍යාපෘතිය යටතේ මේ වන විට ලක්‍ෂ 20 කට අසන්න ප්‍රමාණයක් රට පුරා බෙදා ඇති බව අමාත්‍යවරයා සඳහන් කරනු ලැබිය.

    ග්‍රාමීය වශයෙන් පවුල් 200 ක් පමණ තෝරා ගෙන එක් පවුලකට අඹ පැල 05 ක් වශයෙන් බෙදා දීම සිදු කර අදියරෙන් අදියර ක්‍රියාවට නැංවීම මඟින් අපේක්ෂිත ඉලක්ක සපුරාගැනීමට සැළසුම් කර ඇති අතර අපනයන සකසුරුවම් මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමට ද කටයුතු කරන බව ඒ මහතා පැවසීය.

    තම අමාත්‍යංශය මඟින් කාන්තාවන් දසලක්ෂයකගේ අදායම අඩුම වශයෙන් රුපියල් ලක්‍ෂ 02 1/2 කින් වැඩි කරන අදහසින් යුතුව, ඇරඹි එම දිරිය කාන්තාවන් දසලක්ෂයකගේ ගෙවතු වලට උදව් කරන ව්‍යාපෘති යටතේ මේ වන විට 350,000 කට වඩා වැඩි පිරිසකට උදව් කර ඇති බවත් සඳහන් කළ අමාත්‍යවරයා, සමාජ ශුභ සාධනය මෙන්ම සමාජ සවිබල ගැන්වීමේ කටයුතු සඳහා තම අමාත්‍යාශය මඟින් විවිධ වැඩසටහන් රටත් තුළ සාර්ථක ව ක්‍රියාත්මක වන බවත් සඳහන් කරන ලදී.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya