අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක බැංකු ආධාර යටතේ වැව් 700ක් සංවර්ධනයට මුදල් ලැබී තිබෙනවා- අමාත්‍ය පී.හැරිසන්

    අගෝස්තු 07, 2019

    කෘෂි කර්මාන්තය සඳහා වැඩිම මුදලක් මේ වසරේ වෙන් කර තිබෙන බවත් ලෝක බැංකු ආධාර යටතේ වැව් 700ක් සංවර්ධනයට මුදල් ලැබී තිබෙන බවත් කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු,වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී.හැරිසන් මහතා පවසයි.

    පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා අද (7) පාර්ලිමේන්තුවේ දී මෙසේ පැවසීය.

    කර්මාන්ත අංශය පෞද්ගලික කර්මාන්ත ක්ෂේත්‍රය දියුණු කරන්න,නිෂ්පාදන ආර්ථිකය වැඩි කරන්න වැඩපිළිවෙලක් තිබෙනවා ද? කෘෂිකර්ම හා ධීවර ක්ෂේත්‍රයට වෙන් කළ මුදලේ අඩුවක් තිබෙනවා. ඒ තුළින් රැකියා බිහිකරගන්න අමාරුයි යැයි මන්ත්‍රීවරයා සිය ප්‍රශ්නය යොමු කරමින් පැවසීය.

     මෙයට පිළිතුරු දුන් කෘෂිකර්ම අමාත්‍යවරයා ; ලෝක බැංකු ව්‍යාපෘති අතර ලොකුම ව්‍යාපෘති දෙක තිබෙන්නේ කෘෂිකර්මාන්තයේ. කෘෂි නවීකරණ වැඩසටහන සහ සුසිරි කෘෂිකාර්මික සහ වාරිමාර්ග ව්‍යාපෘතිය අනෙක් එක. ඒ ව්‍යාපෘතිය යටතේ වැව් 700ක් හදන්න මුදල් ලැබිලා තිබෙනවා.රජයට බරක් නොවී ලෝක බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක වෙනවා. මේ වසරේ පටන් ගෙන තිබෙනවා. ලංකාවේ දිස්ත්‍රික්ක හයක බිලියන 2000ක් ව්‍යාපෘති දෙකක් ක්‍රියාත්මක වෙනවා.මේ අවුරුද්දේ තමයි කෘෂි කර්මාන්තයට වැඩිම මුදලක් වෙන් කරලා තියෙන්නේ යැයි ද අමාත්‍යවරයා පැවසීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya