අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගාල්ල දිස්ත්‍රික්කයේ සෑම පුරවැසියෙකුටම පූර්ණ වෛද්‍ය පරීක්ෂාවක් නොමිලේ සිදුකර ගැනීමට අවස්ථාවක්.

    අගෝස්තු 07, 2019

    දැනට ආරම්භ වී ඇති ප්‍රාථමික සෞඛ්‍ය වැඩිදියුණු කිරීමේ වැඩසටහන යටතේ පළමු වටය සදහා ගාල්ල දිස්ත්‍රික්කයේ තෝරාගත් රෝහල් වලට අනියුත්ක ජනගහනය සදහා අදාල ප්‍රදේශයන්හි වයස අවුරුදු 35ට වැඩි සෑම අයෙකුටම සියලුම බෝ නොවන රෝග හා පිළිකා කිහිපයක්ම සදහා පූර්ණ වෛද්‍ය පරීක්ෂාවක් සිදුකිරීමේ වැඩසටහනක් දැන් ඇරඹී ඇති බව රජයේ නිල පුවත් වෙබ් අඩවියට අදහස් දක්වමින් ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම සිරිතුංග මහතා ප්‍රකාශකර සිටියි.

    මේ සදහා අම්බලන්ගොඩ, බද්දේගම, කරන්දෙණිය රෝහල් තෝරාගෙන ඇති අතර මෙතෙක් නිසි කලෙක ප්‍රාදේශීය මට්ටමේ රජයේ රෝහල් වෙතින් නොලැබුණු සේවාවන් ජනතාව වෙත සැපයීමට මේ වැඩසටහන තුළ බලාපොරොත්තු වේ. හුදෙක් ලෙඩක් වැළදුනාට පසු රෝහල කරා පැමිණීම වෙනුවට අදාල රෝග කල්තියා හදුනාගෙන බරපතල තත්ත්වයට පත්වීමට පළමු නිසි ප්‍රතිකාර ආරම්භ කිරීම මෙහි අරමුණ වේ.


    මේ යටතේ රුධිර සහ මුත්‍රා පරීක්ෂා රැසක් අදාල ප්‍රාදේශීය රෝහල් මට්ටමේදීම සිදුකිරීමට කටයුතු යොදා ඇති අතර පිළිකා වර්ග කිහිපයක් සදහාම පරීක්ෂාවන් සිදුකිරීමද, දියවැඩියාව, හෘදයාබාධ, අධි රුධිර පීඩනය ආදී බෝ නොවන රෝග වැළදීමට ඇති අවදානම් තත්ත්ව හදුනාගෙන එයින් වැළකී සිටීමට අවශ්‍ය උපදෙස් ලබාදීමද මෙම වැඩපිළිවෙල තුළ සිදුවේ. මීට එක්වෙන ජනතාව හට පෞද්ගලික සෞඛ්‍ය වාර්තාවක් ලබාදෙන අතර ඉන්පසු වෛද්‍ය සේවා ලබාගන්නා ඕනෑම අවස්ථාවකදී එම සෞඛ්‍ය වාර්තාව පරිශීලනය තුළින් වඩා ගුණාත්මක සේවාවක් සැපයීමට හැකිවනු ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya