මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “යුතුකම - තරුණ රටකට” තේමා කරගනිමින් ශ්‍රී ලංකික තරුණ ස්වේච්ඡා සේවය ඉදිරියට

    අගෝස්තු 07, 2019

    ''ජාතික තරුණ ස්වේච්ඡා සේවය'' පිහිටුවීම සිදු කර ඇති අතර දැනටමත් කැබිනට් අනුමැතිය හිමිව ඇති බවත්, රටේ ජාතික ප්‍රතිපත්තියක් ලෙස ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත් ජාතික තරුණ සේවා සභාවේ සභාපති - නීතිඥ එරන්ද වැලිඅන්ගේ මහතා පැවැසීය.

     බොහෝ සංවර්ධිත රටවල දැනටමත් තරුණ ප්‍රජාවගේ ස්වේච්ඡා දායකත්වය අනිවාර්ය අංගයක් වී මානව ප්‍රාග්ධනය මනාව කළමනාකරණය කර ඇති නමුත්, ශ්‍රී ලංකාව තුළ ස්වේච්ඡා සේවයේ යෙදෙන තරුණ ප්‍රජාවට නිසි ඇගයීමක් සිදු නොවන හෙයින් තරුණ සහභාගීත්වය නිසියාකාරව ලබා ගැනීමට ද දුෂ්කර වී ඇත. ඒ සඳහා කිසියම් වටිනාකමක් ලබා දීම අරමුණු කර ගනිමින් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරේ.


    ඒ මහතා ඒ බව පැවසුයේ, විනයගරුක හා කුසලතාවලින් පිරිපුන් ශ්‍රී ලාංකිකතරුණ ප්‍රජාවක් ගොඩනැංවීම අරමුණු කරගනිමින් “ශ්‍රී ලංකා ජාතික තරුණ ස්වේච්ඡා සේවය” ස්ථාපනය කිරීම පිළිබඳව íඉයේ (06) ජාතික තරුණ සේවා සභා අධ්‍යක්ෂ මණ්ඩල ශ්‍රවණාගාරයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනි.

    ලංකාවේ සියළු අංශයන් සඳහා තරුණ ප්‍රජාවගේ දායකත්වය ලබා ගත යුතුයි. එමනිසා තීරක බලවේගයක් ලෙස රටේ සංවර්ධන ක්‍රියාවලියට පත්විය යුතුයි. ඒ සඳහා ලැබෙන මූලික අඩිතාලම ස්වේච්ඡා සේවය තුළ නිරත වීමෙන් සැළසෙන
    අතර රට සංවර්ධනය සඳහා තරුණ සිතුවිලි උද්දීපනය කිරීම, කාර්යක්‍ෂම හා මනා පෞරුෂයකින් යුතු තරුණ පිරිසක් ජාතියට දායාද කිරීම, සමාජය පිළිබඳ සංවේදී සමාජ සංහිදියාව කෙරෙහි යොමුවූ උද්යෝගිමත් පරපුරක් බිහි කිරීම මෙහි දී රටේ සංවර්ධනයෙහි ලා තරුණ පරපුරේ දායකත්වය විය යුතුය.


    ඒ අනුව, එළඹෙන අගෝස්තු 17 වන දිනට යෙදී ඇති ජාත්‍යන්තර තරුණ දිනයට සමගාමී ව ජාතික තරුණ ස්වේච්ඡා සේවය සඳහා ලියාපදිංචි කිරීමේ කටයුතු ජාතික තරුණ සේවා සභාව තුළ දී සිදු කිරීමට අවශ්‍ය කටයුතු සුදානම් බව මෙහි දී පැවසීය. ඒ අනුව, වයස අවුරුදු 15ත් 29 ත් අතර ඕනෑම තරුණ තරුණියකට

    ලියාපදිංචි වීමට හැකියාව ලැබෙන බවත්, ස්වේච්ඡා කටයුතු අදියර තුනක් ඔස්සේ සිදු කරන බවත් ඒ ඒ අදියරයන්ගේ සාර්ථකව තම ස්වේච්ඡා කටයුතු සිදු කරන්නන් සඳහා පදක්කම් හා පිළිගත් සහතික පත්‍රයක් ද පිරිනැමීමට කටයුතු කරන බවත් ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේය.


    යෞවන සමාජ සම්මේලනයේ ලේකම් ෂෙහාන් කන්නන්ගර මහතා ද මෙම මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya