අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2020 වර්ෂය වෙනුවෙන්  ජාතික පාසල්  ගුරුමාරු අපේක්ෂාවෙන් ඉල්ලුම්පත් 6,000 ක්

    අගෝස්තු 07, 2019

    ලබන වසරේ පළමු පාසල් වාරය ආරම්භවීමට පෙර ජාතික පාසල් ගුරු මාරු අවසන් කිරීමට කඩිනමින් පියවර ගන්නැයි අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා අදාළ නිලධාරීන් ට උපදෙස් ලබා දී ඇත.

    ජාතික පාසල්වල 2020 වර්ෂය වෙනුවෙන් ස්ථාන මාරු අපේක්ෂාවෙන් ඉල්ලුම්පත් 6,000 ක් මේ වනවිට අධ්‍යාපන අමාත්‍යාංශයේ ගුරුමාරු ඒකකය වෙත ලැබී ඇත.

    එකම පාසලක අවුරුදු 10 ක් සේවය කරන ලද ගුරුවරුන්ගේ මාරුවීම් අයදුම්පත් 2,000 ක් පමණ සංඛ්‍යාවක් ද මෙම  ඉල්ලුම්පත් 6,000 ට ඇතුළත්ය.

    ගුරු වෘත්තිය සමිති නියෝජනය කරන ජාතික පාසල් ගුරු මාරු මණ්ඩල පත් කොට මෙම මාරුවීම් ලබාදීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට නියමිතය.

    එකම පාසලක වසර 10 කට වැඩි කාලයක් සේවය කළ ගුරුවරුන්ට ස්ථාන මාරුවීම් ලබාදීම, 2017 වසරේ දී ආරම්භ කළේ අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතාගේ තීරණය පරිදිය.  ඕනෑම ගුරුවරයෙකුට ජාතික පාසලක සේවය කිරීමේ අවස්ථාව සැලසීම සඳහා, ජාතික ගුරු මාරු ප්‍රතිපත්තියේ සඳහන් වන ආකාරයට වාර්ෂික ගුරු මාරු සිදු කිරීමට අධ්‍යාපන අමාත්‍යවරයා එම තීරණය ගනු ලැබීය. ගුරුවරුන් 12,000 කට එම වසරේ දී මාරුවීම් ලබා දී තිබේ. එම පදනමින් 2018 වසරේ දී ලබාදුන් මාරුවීම් සංඛ්‍යාව 5,000 ක් විය.

    2017 වසරේ සිට 2020 වසර වනවිට එකම පාසලේ වසර 10 ක් සේවය කර තිබෙන ගුරුවරුන්ගෙන් ලැබෙන ඉල්ලුම්පත් සංඛ්‍යාව වාර්ෂිකව අවම වෙමින් පවතින බවත් ගුරුමාරු ඒකකය පෙන්වා දෙයි

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya