අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය මඟින් විවිධ ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මකයි - ඇමති අර්ජුන රණතුංග

    අගෝස්තු 07, 2019

    පෞද්ගලික ප්‍රවාහන සේවයේ ගමන් ගන්නා මඟියා නැවත වරක් දුම්රියට හා ලංගම බස් සේවයට ආකර්ෂණය කර ගැනිම තම අමාත්‍යාංශයේ අරමුණ වි ඇතැයි ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඊයේ(06) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දි පැවැති මාධ්‍ය හමුවක දි අදහස් දක්වමින් පැවසීය.

    මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු අමාත්‍යවරයා,කොළඔ තදාසන්න දුම්රිය ව්‍යාපෘතිය,අතර මහනුවර තදාසන්න දුම්රිය ව්‍යාපෘතිය ,දුම්රිය සේවයේ ප්‍රධාන සැලසුම් සැකසිම යන ප්‍රධාන ව්‍යාපෘති කිහිපයක් දුම්රිය සම්බන්ධයෙන් ක්‍රියාවට නංවනවා.මෙහි ප්‍රධාන ව්‍යාපෘතිය වන්නේ කැළණිවැලි දුම්රිය ව්‍යාපෘතියයි.මෙය කුළුණු උඩින් ගමන් ගන්නා අතර එයට හෙතුවි ඇත්තේ බොහෝ ජනයා ගැවසෙන මෙන්ම මාර්ග විශාල සංඛ්‍යාවක් පවතින මෙම ප්‍රෙද්ශය තුළ ඊට පහසුවක් ලෙසින් හා වියදම අවම කර ගැනිම සදහා මෙම ක්‍රියාමාර්ගයට එළඹෙනවා

    එමෙන් ම විදුල දුම්රිය පද්ධතිය සම්බන්ධයෙන් ද තමාගේ අවධානය යොමු වී ඇතැයි පැවසු ඇමතිවරයා,විදුලි දුම්රිය මිල දි ගැනිමද සිදු කරන බව පැවසිය.

    දුම්රිය පොළවල් පෞද්ගලික අංශය සමඟ එක් වි දියුණු කිරිමට ද බලාපොරොත්තු වන බව පැවසු ප්‍රවාහන ඇමතිවරයා ලංගම විපෝ සංවර්ධනය කරන බවයි.නගරාසන්න බස් සඳහා low floor බස් රථ 2000ක් ගෙන්විම සිදු කිරිමට පියවර ගෙන ඇති අතර එය විශේෂයෙන් ආබාධිත අය සඳහා මහත් පිටුවහලක් වන බව පැවසිය.

    ලක්දිව ඉන්ජිනේරු සමාගම විසින් මේ වන විට බස් රථ මසකට 15ක් පමණ අලුත්වැඩියා කොට ධාවනයට එක් කිරිමට හැකියාව ලැබි තිබේ.එමඟින් විශාල මුදලක් උපයා ගැනිමක් හැකි වී තිබේ.


    ගුවන්සේවා අධිකාරිය සම්බන්ධයෙන් ද අදහස් දැක්වු ඇමතිවරයා, බණ්ඩාරනායක ජාත්‍යාන්තර ගුවන් තොටුපලේ දෙවන පර්යන්තය මේ වන විට තාවකාලික ව වසා දමා ඇති බවත්,එය ජපනය හා ජැයිකා සමාගම සමඟ එක් වි එය සංවර්ධනය කිරිමට කටයුතු කරන බව කීය.
    ගුවන් සේවාවන් වල ප්‍රධානතම ව්‍යාපෘතිය වන්නේ පලාලි ගුවන් තොටුපල සංවර්ධනය කිරිමයි.මෙයින් බලාපොරොත්තු වන්නේ උතුරේ ජනතාවට දකුණු ඉන්දියාවට යෑමට කොළඔ පැමිණිමෙන් තොරව පලාලි සිට දකුණු ඉන්දියාව දක්වා ගමන් කිරිමට පහසුකම් සැලසීමයි.එමෙන් ම පලාලි ,මඩකලපුව,රත්මලාන යන ගුවන්තොටුපලවල් කලාපිය ගුවන් තොටුපලවල් බවට පත් කිරිම පියවර ගන්නා බව ද සඳහන් කළ අමාත්‍යවරයා,මෙමගින් බලාපොරොත්තු වන්නේ නගරාන්තර අතර ගුවන් යානා ධාවනය මගින් විශාල මුදලක් ඉතුරු කර ගැනිම බව කීය.

    මේ අවස්ථාවට එක් වු සිවිල් ගුවන් සේවා සමාගමේ සභාපති ධම්මික රණතුංග මහතා අදහස් දක්වමින් ප්‍රකාශ කඛේ,ප්‍රධාන ව්‍යාපාති දෙකක් ආරම්භ කර ඇති බව පැවසු
    සභපතිවරයා නව පර්යන්තයක් සැදිම හා පැකේජ් B යන ව්‍යාපෘතිය සංවර්ධනයයි. මින් පැකේජ් B යටතේ ගුවන් යානා නැවැත්විමේ පහසුකම් සැලැස්විමයි.එමඟින් ගුවන් යානා 20කට පහසුකම් සැලසෙනවා.අලුතින් හදන පරියන්තයේ මිලියන 9කට අධික ගුවන් මඟින් ප්‍රමාණයකට පහසුකම් සැලසෙන බවයි.දැනට තියෙන පර්යන්තයේ වර්ග කිලෝමිටර් 3000ක ප්‍රමාණයක් විශාල කරමින් පවතින බවයි.ඒ තුළින් ටිකට්පත් කවුළු 80 දක්වා වැඩි වේ. මෙය මේ වසරේ ඔක්තොබර් හා නොවැම්බර් මාස වලදි මෙය නිම කළහැකි බවයි.


    මේ වන විට දුම්රිය දෙපාර්තමේන්තුව සංවර්ධනය සඳහා ඩොලර් මිලියන 620ක මුදලක් ලැබි ඇති අතර එමඟින් වසර 155ක් පැරණි ටිකට් නිකුත් කිරිමේ ක්‍රමය
    ඉලෙක්ට්‍රෝනික් ක්‍රමයට පරිවර්තයන කිරිමට කටයුතු යොදා ගෙන යන බව දුම්රිය සාමානාධිකාරි නිලන්ත ප්‍රනාන්දු මහතා පවසයි.දුම්රිය දෙපාර්තමේන්තුවේ සන්නිවේදන ක්‍රමය වෙනස් කරමින් යන බව පැවසු සාමාන්‍යාධිකාරිවරයා පාලන කාර්යාලයක් හා නිවාඩ සංකිර්ණයක් ඉදිකරන බවයි.

    E –Ticketing ක්‍රමය මේ වසර අවසානයේ දි හඳුන්වාදිමට බලාපොරොත්තු වන බව පැවසු දුම්රිය සාමානාධිකාරිවරයා කලින් ප්‍රවේශපත් වෙන් කර ගැනිමේ දි සිදු වන අපහසු තාවයන් මේ E –Ticketing ක්‍රමය ඔස්සේ අවම කර ගැනිමටත් බලාපොරොත්තු වන බව කීය.
    මේ අවස්ථාවට එක් වු ප්‍රවාහන හා සිවිල ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් එල්.පී ජයම්පති මහතා අදහස් දක්වමින් ප්‍රකාශ කළේ මාර්ග අනතුරු වලක්වා ගැනිම සඳහා මේ වන විට තම අමාත්‍යාංහය ඉතා දැඩි පියවර ගෙන ඇති බවයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya