මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආරක්ෂාව හොඳ මට්ටමක තිබෙනවා-රටේ ත්‍රස්තවාදයක් නැවත ඇති නොවීමට වගබලාගත යුතුයි

    අගෝස්තු 07, 2019

    රටේ ත්‍රස්තවාදයක් නැවත ඇති නොවීමට වගබලාගත යුතු බවත් මේ වන විට රටේ ආරක්ෂාව හොඳ මට්ටමක තිබෙන බවත් අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාස්කු දින සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීමට පත් කළ විශේෂ පාර්ලිමේන්තු කාරක සභාවේ සාක්ෂි ලබාදෙමින් මේ බව පැවසීය.

     

    විටින් විට මේ පිළිබඳ වාර්තා ලැබුණා. නීතිය හා සාමය ඇමැතිතුමාගෙන් වාර්තා ලැබුණා. කරුණු ගැන සඳහන් කළා.ජාතික වශයෙන් වැදගත් කරුණු ගැන දැනුම් දෙන්න කියක්ලා. අන්තවාදී මතය දරන පිරිස් සිටියා කියලා, දැනුවත් කළා.2018 ඔක්තෝබර් වන තෙක් ජාතික අරක්ෂ රැස්වීම් දැනුම් දුන්න. ඒවාට මම සහභාගි වුණා. 2018 දෙසැම්බර් මාසයේ සිට කැඳවීමක් ලැබුණේ නෑ. මම ගියේ 2018 ඔක්තෝබර් මාසයේ  ඒ අය රැස්වෙන්නේ නෑ කියලා තිබුණා. ආරංචි වුණා.අන්තිම කාලේ අයි එස් අයි එස් අන්තවදි ප්‍රකාශ ගැන තිබුණා. ත්‍රස්තවදය ගැන දැනුවත් කර තිබුණේ නෑ. කිසිවක් දැනගෙන හිටියේ නෑ. අග්‍රාමාත්‍ය ආරක්ෂක අංශවලට කිසිම ලිපියක් ලැබුණේ නෑ. දැනගත්තේ 21 කොළඹ ආවට පස්සේ. 21 ප්‍රහාරය වෙනකම් මම දැනගෙන හිටියේ නෑ .

    මම අග්‍රමාත්‍යවරයා ලෙස කටයුතු කළා. කඩිනම් ක්‍රියාමාර්ග ගන්න කිවා. හවස් වන විට ප්‍රතිඵල පෙන්නුවා.ඉතාම ඉක්මනින් ක්‍රියාත්මක වුණා.රජයක් ලෙස මේ සම්බන්ධ වගකීමෙන් මිදෙන්න බෑ ඒ නිසයි මේ ගැන සොයන්න ඕන කිව්වේ.මද්‍රසා නීතිය සම්බන්ධව දැන් කෙටුම්පත සකස් කර තිබෙනවා. ගැසට් නිවේදන මාර්ගයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. කොමිටියකින් කැබිනට් එකට යෝජන කළා අලුත් නීති ඕන කියලා කැබිනට් වාර්තාවක් සූදානම් කරන්න.ලංකාවේ දැන් තිබෙන නීති මදි.පළමුව ඒ සම්බන්ධව නීති අප හඳුන්වා දෙන්න ඕන වෛරී ප්‍රකාශ ගැන නීති හදුන්වා දීමට අධිකරණ අමාත්‍යාංශය කටයුතු කරමින් ඉන්නවා.
    මෙම පරිවර්තන කාලයක් ඇතිවුණා.අඩුව ගැන බලන්න තියෙන්නේ.අදාළ තොරතුරු තිබුණා නම් ක්‍රියකරන්න තිබුණා.එසේ පරිවර්තනය ගැන අවධානය යොමු කර තිබුණා නම් ක්‍රියාමාර්ග ගන්න තිබුණා. එය බරපතල අතපසුවීමක්.

    එකක් ඉවර වුණා කියලා අපිට සැහීමකට පත් වෙන්න බෑ. සෑම වෙලාවෙම ක්‍රියා කරන්න ඕන.ආයුධ කියන්නේ තුවක්කුවක් නොවේ. අපි බෝම්බ ගැන විතරක් බලලා වැඩක් නෑ. අලුත් තැනකට එන්න ඕන. ත්‍රස්තවාදය අලුත් තැනකට ඇවිත් තියෙනව.අපි අවධානයෙන් සිටියේ නැති නම් යම් කිසි තැති ගැන්මක් අති වෙන්න පුළුවන්, දැනට රටේ ආරක්ෂක තත්ත්වය හොඳයි. රටේ මෙය නොවන විදියට කැන්සර් එක ඇති නොවනලෙස වගබලා ගන්න ඕන.දැන් තිබෙන ත්‍රස්තවාදයට මධ්‍යම සංවිධානයක් නෑ. කණ්ඩායම් හරවන්න පන්ති වුවමනා නෑ, අලුත් ක්‍රමවේදය අනුව.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya