අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම් නිසි ආකාරයට ආයෝජනය කිරීමට වැඩපිළිවෙලක්

    අගෝස්තු 06, 2019

    දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් නිසියාකාරව ආයෝජනය කළහොත් ලාභ  ආයතනයක් බවට පත් කර ගත හැකි බව ප්‍රවාහන හා සිවිල් ගුවන සේවා අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා පැවසීය.

    ඒ මහතා මේ බව පවසා සිටියේ අද (06) දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවති මාධ්‍ය සාකච්ඡාවේදී ය.

    ඉන්දියාව වැනි රටවල් දුම්රිය සේවාවන් වලින් ලාභ ලබන්නේ ඉඩම් නිසියාකාර ව බදු දීමෙන් බවත්, දුම්රිය දෙපාර්තමේන්තුව සතුව අක්කර 15000 ක් පමණ ඉඩම් පවතින බවත් ඉන් අක්කර 4000 ක් පමණ වත් නිසියාකාරව බදු දීමේ ක්‍රමයක් මේ වන විටත් අනුගමනය කර නොමැති බවත්, දෙපාර්තමේන්තුවට අයත් ඉඩම්වල ජනයා නීති විරෝධී ලෙස පදිංචි වී සිටින බවත් අනාවරණය කරගෙන ඇති බව පවසා සිටිඅමාත්‍යවරයා, ඒ සම්න්බන්ධව නිසියාකාර ක්‍රමයක් හදාගෙන යන බවත් පැවසිය.

    ඒ අනුව පොළොන්නරුව, නුවර-බදුල්ල ප්‍රදේශ වල දෙපාර්තමේන්තුව සතු ඉඩම් නිරාකරණය කර ඇති බවත්, කොළඹ සිට වැල්ලවත්ත ඉඩම් නිරාකරණය කර ගැනීමට තිබෙන බවත් අමාත්‍යවරයා තවදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya