අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජීවවිද්‍යා විෂය ගැටළුව නිරාකරණය කර තිබෙනවා- ටියුෂන්වලට ඕන ආකාරයට හෝ ගුරුවරුන්ට ලේසි වන විදියට විෂය නිර්දේශ වෙනස් කරන්න බැ

    අගෝස්තු 06, 2019

    අධ්‍යාපනය නවීකරණය වනවිට විෂය නිර්දේශ විටින් විට වෙනස් කෙරෙනවා .ජීවවිද්‍යා විෂය සම්බන්ධයෙන්  ගැටළුව නිරාකරණය කර තිබෙනවා.ටියුෂන්වලට ඕන ආකාරයට හෝ ගුරුවරුන්ට ලේසි වන විදියට විෂය නිර්දේශ වෙනස් කරන්න බෑ  '' යැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

    ජීව විද්‍යා විෂය නිර්දේශයේ ගැටළු සම්බන්ධයෙන් වාචික ප්‍රශ්නයක් යොමු කරමින් පාර්ලිමෙන්තු මන්ත්‍රී සිසිර  ජයකොඩි මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා අද (6) පාර්ලිමේන්තුවේ දී  මෙසේ පැවසීය.

    අධ්‍යාපනය නවීකරණය වනවිට විෂය නිර්දේශ විටින් විට වෙනස් කෙරෙනවා.යම් යම් ගුරුවරු මේවා  යාවත්කාලීන වෙනවට කැමැති නෑ.ටියුෂන් ගුරුවරුන්ට ඕන විදියට විෂය නිර්දේශ වෙනස් කරන්න බෑ.යම් යම් ගුරු කුල තිබෙනවා. යම් යම් විෂය නිර්දේශ තිබෙනවා. මේවා වෙනස් කරගෙන යන්නේ. අලුත් නවීකරණයකට සමහර ගුරුවරු කැමැති නෑ. දැනුම වෙනස් වෙනවා. අද තක්ෂණයත් එක්ක දැනුම දෙගුණ වෙන්න ගතවෙන්නේ මාස 13යි. ජීවවිද්‍යාව ඇතුළු ඔක්කොම වෙනස් වෙන්න ඕන.

    කිසි විටක මේ ප්‍රශ්නය මඟහැර යන්නේ නෑ. ජීවවිද්‍යා ගැටළුව සම්බන්ධයෙන් මම අදාළ නිලධාරින් කැඳෙව්වා.මේ  සම්බන්ධයෙන් සාකච්ඡා කළා.ඒ ගැටළුව එදාම විසඳුවා. වෙනස් කම් කරන්න ඕන අලුත් වෙනස්කම් කරන්න
    ඕන. ඒකට ඇතැම් ගුරුවරු කැමැති නෑ.මේ විෂය සම්බන්ධයෙන් ගැටළුව නිරාකරණය කර තිබෙන්නේ. ටියුෂන්වලට ඕන ආකාරයට හෝ ගුරුවරුන්ට ලේසි වන විදියට විෂය නිර්දේශ වෙනස් කරන්න බෑ ''යැයි ද අමාත්‍යවරයා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya