අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කෘෂි නවීකරණ ව්‍යාපෘතියෙන් අනුරාධපුර වැව් 22ක් නවීකරණය කෙරේ

    අගෝස්තු 06, 2019

    ලෝක බැංකු ණය ආධාර මත ක්‍රියාත්මක කෘෂි නවීකරණ වැඩසටහන මඟින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ නවීකරණය කරන ලද කුඩා වැව් 10ක් කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ජනතා අයිතියට පත් කෙරිණි.

    ව්‍යාපෘතිය මඟින් අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ වැව් 22ක් නවීකරණය වේ. මේ සඳහා ලෝක බැංකුව සහ රජය රු. මිලියන 200ක මුදලක් වැය කරනු ලබයි.

    එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා - උඳුවලට අපි බද්දක් දාලා තිබුණා රු. 200ක. නමුත් උඳු පියළි කරලා රටට ගේනවා. ඒක අහු වෙන්නේ පරිප්පු බද්දට. බලන්න කොතරම් වෙළෙන්දා කපටිද කියලා. මම ඊට පස්සේ බද්ද වැඩි කළා. උඳු පියළි කරලා ගෙන්වනවා නම් බද්ද රුපියල් 400 දක්වා වැඩි කළා. පියලි කළ උඳු, මුං ඇට, කව්පි සඳහා මේ බද්ද ක්‍රියාත්මක කිරීමට මම නිළධාරීන්ට උපදෙස් ලබා දුන්නා. මේ බද්ද වැඩි කළේ අපි අපේ ගොවියාව ආරක්ෂා කර ගන්න. පිටරටින් කුරහන් වගේම තල ආනයනයත් අපි මේ අවුරුද්දෙන් නවත්තනවා. කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් පසුගියදා සමාගමක් තල ගෙන්න ඉල්ලීමක් කරලා තිබුණා. නමුත් තල අස්වැන්න මේ දවස්වල නෙළන කාලය. මම වහාම තල ගෙන්වන එක නවත්වන්න කියලා අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබා දුන්නා. ලූණු සඳහාත් අපි පාලන මිලක් දැම්මා රු. 80ක. ඒ නිසා ලොකු ලූණු බය නැතුව හිටවන්න කියලා අපි ගොවීන්ගෙන් ඉල්ලීමක් සිදු කරනවා.

    අමාත්‍යවරයා විසින් පසුගියදා වැඩ නිම වූ කඩියන්ගල්ල මහවැව, කැලේකුඹුක් වැව, ඉහළ මොරගොඩ වැව, වීර වැව, කුරුන්දන්කුලම කුඩා වැව, ඉහළ වැව, පොකුණු වැව, හිඟුරු වැව හා දේවාලේගම වැව ජනතා අයිතියට පත් කළේය. මෙම අවස්ථාවට කෘෂි නවීකරණ ව්‍යාපෘතියෙහි ව්‍යාපෘති අධ්‍යක්ෂ ආචාර්ය රොහාන් විජේකෝන් මහතාද එක්විය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya