අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නුවරඑළිය දිස්ත්‍රික්කයේ රැකියා විරහිත උපාධිධාරින්ට 218 කට නව පත්වීම් ප්‍රදානය කරයි.

    අගෝස්තු 06, 2019

    රැකියා විරහිත උපාධිධාරින් ට රැකියා ලබාදීමේ රජයේ වැඩපිළිවෙල යටතේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ රැකියා විරහිත උපාධිධාරින් 218ක් අභ්‍යාසලාභී පුහුණු නිලධාරීන් ලෙස පත්වීම් ලබාදීමේ උත්සවය විශේෂ ප‍්‍රදේශ සංවර්ධන කැබිනට් නොවන අමාත්‍ය වී. රාධක්‍රිෂ්ණා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්වීනි.

    ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචිකිරීම් හා පුනරුත්තාපන, උතුරු පළාත් සංවර්ධන, වෘත්තිය පුහුණු හා නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක කර ඇති මෙම වැඩසටහන යටතේ දිවයින පුරා රැකියා විරහිත උපාධිධාරින් 16, 800 ක් අභ්‍යාසලාභී පුහුණු නිලධාරීන් ලෙස අලුතින් පත්වීම් ලබාදීමේ සමාරම්භක උත්සවය 2019 ජුලි 30 වැනිදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලිය ගහ මන්දිරයේ දී පැවැත්වු අතර එයට සමගාමිව දිස්ත්‍රික් මට්ටමින් මෙම උත්සවය සංවිධානය විය.

    මේ යටතේ නුවරඑළිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට පත්වීම් 21 ක්, හගුරන්කේත ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට පත්වීම් 90 ක්. අඹගමුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට පත්වීම් 25 ක් සහ වලපනේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට පත්වීම් 37 ක් සහ කොත්මලේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට පත්වීම් 45 ක් ලබාදීම සිදුවිය.

    මෙම අවස්ථාවට නුවරඑළිය පුරපති චන්දන ලාල් කරුණාරත්න, දිස්ත්‍රික් ලේකම් එම්.බි.ආර්. පුෂ්පකුමාර, අතිරේක දිස්ත්‍රිත් ලේකම් පි.ඒ.සරත් චන්ද්‍ර, යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් එක්ව සිටිහ.

    DMU/Muwaraeliya

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya