අප්‍රේල් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මෙරටට කසළ ගෙන්වූ සමාගමට එරෙහිව මධ්‍යම පරිසර අධිකාරිය නඩු පැවරීමට යයි

    අගෝස්තු 05, 2019

    ආයෝජන මණ්ඩලයේ සහ මධ්‍යම පරිසර අධිකාරියේ අවසරයකින් තොරව ප්‍රති අපනයන ද්‍රව්‍ය වශයෙන් මෙරටට කසළ ගෙන්වන ලද සමාගමට විරුද්ධව නඩු පැවරීමට මධ්‍යම පරිසර අධිකාරිය කටයුතු කරගෙන යන බව මහවැලි සංවර්ධන සහ පරිසර රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා පවසයි.

    රේගු පනත සහ ආනයන අපනයන පනත ඉක්මවමින් 2013 වසරේදී පනවන ලද රෙගුලාසියක් උපයෝගී කර ගනිමින් 2017-2018 වසරවලදී එංගලන්තයෙන් ශ්‍රී ලංකාවට කසළ අඩංගු බහාලුම් 241 ක් ගෙන්වා තිබෙන බවත් මේවා වහාම ආපසු එම රටටම යවන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය ඒවා ගෙන්වූ සමාගමට නියෝග කළ බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද(05) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඒ මහතා කීය.

    මෙරටේ වන ගහණය ක්‍රමයෙන් අඩුවීම බරපතල ප්‍රශ්නයක් බවත් 1948 දී රටේ මුළු භූමි ප්‍රමාණයෙන් 45% ක් ව තිබූ වනාන්තර ප්‍රමාණය මේ වන විට 29% දක්වා අඩුවී ඇති අතර එම ප්‍රමාණය 32% දක්වා වැඩිකිරීම රජයේ උත්සාහය බවත් මෙහිදී පැවැසූ රාජ්‍ය අමාත්‍යවරයා ඒ සදහා අලුතින් ගස් 178000 ක් වගාකිරීමට දැන් කටයුතු කරගෙන යන බවත් පැවැසීය.

    අලුතින් වන වගාව සදහා රජයේ ඉඩම් හෙක්ටයාර් 95 ලක්ෂයක් හදුනාගෙන තිබෙන අතර ඒවායේ ගස් සිටුවා වනාන්තර බවට පත්කිරීම සදහා රජය දේශීය හා විදේශීය ආයෝජකයින්ට ආරාධනා කරන බවද සදහන් කළ මාන්නප්පෙරුම මහතා එහෙත් ඒ වනාන්තර වල අයිතිය රජය සතුවන බව කීය.

    ප්ලාස්ටික් වැනි නොදීරන ද්‍රව්‍ය භාවිතය අවම කිරීම සදහා මහජනතාව සහ පාසල් සිසුන් දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක් පරිසර අධිකාරිය විසින් ක්‍රියාත්මක කොට ඇත.

    ප්ලාස්ටික් ද්‍රව්‍ය මහජනතාවගෙන් මිලදී ගැනීමේ මධ්‍යස්ථාන 32 ක් ගම්පහ දිස්ත්‍රික්කයේ ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ.දැනට පානිය ජල බෝතල්වල මූඩිය මතුපිට තිබෙන ප්ලාස්ටික් වැස්ම නොමැතිව ජල බෝතල් නිපදවන ලෙස ජල බෝතල් නිෂ්පාදකයින් ගෙන් ඉල්ලා සිටීමට කටයුතු කරගෙන යන බව ද රාජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya