අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ‘ශ්‍රී නාගපූසානි අම්මාන්’ කොවිලේ වාර්ෂික ‘ආදිපුරම් පූජාව’ පැවැත්වීමට නාවික හමුදාව සහාය

    අගෝස්තු 04, 2019

    නයනතිව් දූපතේ පිහිටි ‘ශ්‍රී නාගපූසානි අම්මාන්’ කෝවිලේ වාර්ෂිකව පවත්වනු ලබන ‘ආදිපුරම් පූජාව’ (අගෝස්තු 03) පැවැති අතර, එම උත්සවය සාර්ථක කර ගැනීම සඳහා උතුරු නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් සිය දායකත්වය සපයන ලදී.

    ඒ අනුව, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ උපදෙස් පරිදි උතුරු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් කපිල සමරවීර ගේ සෘජු අධීක්ෂණය යටතේ, මෙම කර්තව්‍යය සඳහා උතුරු නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් කටයුතු කරන ලදී. එහිදී, කුරිකඩ්ඩුවාන් සිට නයනතිව් දක්වා තොටුපල සේවය සම්බන්ධීකරණය කිරීම මෙන්ම බැතිමතුන් හට ජීවිතාරක්ෂක සේවාව සැපයීම සඳහා නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ, මුදවා ගැනීමේ සහ සහන සැළසීමේ ඒකකයට (4ර්‍U) අනුයුක්ත ජිවිතාරක්‍ෂක කණ්ඩායම් යෙදවිමට ද කටයුතු කරන ලදී.

    තවද, මෙම උත්සවය සාර්ථක කර ගැනීම වෙනුවෙන් නාවික හමුදාව විසින් ලබා දෙන ලද දායකත්වය බැතිමතුන්ගේ නොමඳ පැසසුමට ලක් වූ අතර, මෙවැනි ආගමික වැඩසහන් සඳහා නාවික හමුදාව සිය උපරිම දායකත්වය සැපයිමට නිරන්තරයෙන් කටයුතු කරනු ලබයි

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya