අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සුන්දර වෙරළ තීරය රැක ගැනීම වෙනුවෙන් නාවික හමුදා දායකත්වය

    අගෝස්තු 04, 2019

    ශ්‍රී ලංකාව වටා වූ සුන්දර වෙරළ තීරය රැක ගැනීම අරමුණු කර ගනිමින් නාවික හමුදාව ක්‍රියාත්මක කරගෙන යනු ලබන වැඩසටහන් මලාවේ තවත් එක් පියවරක් ඊයේ (අගෝස්තු 03) දකුණු නාවික විධානය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කරන ලදී.

    ඒ අනුව, දකුණු නාවික විධානය භාර ආඥාපති ගේ උපදෙස් පරිදි වෙරළ තීරයන් සංරක්ෂණය කිරීමේ අරමුණින් දකුණු නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ‘දක්ෂිණ’, ‘නිපුණ’ සහ නාවික ස්ථානගතකිරිම හම්බන්තොට යන ආයතනයන්හි නාවික පුද්ගලයින්ගේ සහභාගිත්වයෙන් ගාල්ල කළුවැල්ල වෙරළ තීරය, ගිංතොට වෙරළ තීරය සහ හම්බන්තොට නගරය ආශ්‍රිත වෙරළ තීරයන් පිරිසිදු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදී.

    මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් දැඩි ලෙස විනාශයට ලක්ව තිබූ මෙම වෙරළ තීරයන් නාවික පුද්ගලයින්ගේ දැඩි කැපවීම මත අපද්‍රව්‍ය වලින් තොර වෙරළ තීරයක් බවට පත් කිරීමට හැකි වූ අතර, මෙම වැඩසටහන සඳහා දකුණු නාවික විධානය භාර නියෝජ්‍ය ආඥාපති ඇතුළු විධානයට අනුයුක්ත නිලධාරින් හා නාවිකයන් විශාල පිරිසක් සහභාගිවී සිටියහ.

    තවද, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා‍ ගේ දූරදර්ශී නායකත්වය යටතේ ක්‍රියාත්මක වන නීල හරිත සංකල්පය යටතේ සියළු නාවික විධානයන් තුල මෙවැනි වැඩසටහන් සිදුකිරීමට කටයුතු යොදා ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya