අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රුපියල් ලක්ෂ 325 ක වියදමින් ඉදි කළ පාතහේවාහැට ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගොඩනැගිල්ල ජනතා අයිතියට

    අගෝස්තු 03, 2019

    ප්‍රාදේශීය පරිපාලනය ශක්තිමත් කරමින් කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ලබාදීමේ අරමුණින් වත්මන් රජය මගින් ගෙන යන වැඩසටහන යටතේ ඉදි කරනු ලැබූ පාතහේවාහැට නව ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවය හෙට (04 ) දින ප.ව. 4.30ට අභ්‍යන්තර සහ ස්වදේශ කටයුතු හා පළාත් සභා සහ පළාත් පාලන අමාතය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු යොද තිබේ.

    ලක්ෂ 325 ක මුදලක් වැය කොට ඉදි කර ඇති මෙම තෙමහල් ගොඩනැගිල්ල තුළ එකවර 300 කට පමණ අසුන්ගත හැකි ශ්‍රවනාගාරයකින් සහ කාර්යාල සංකීර්ණයකින් සමන්විතය. මෙම නව ගොඩනැගිල්ල විවෘත වීමත් සමග කාර්යාල පහසුකම් සම්බන්ධයෙන් පාතහේවාහැට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරන නිලධාරීන්ට මෙතෙක් පැවති ගැටළු බොහොමයකටම විසදුම් ලැබෙනු ඇත.

    මෙම අවස්ථාව සදහා මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ලකී ජයවර්ධන මහතා ඇතුළු මහජන නියෝජිතයන් රැසක් සහ අභ්‍යන්තර සහ ස්වදේශ කටයුතු හා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් එච්.එම්. ගාමිණී සෙනෙවිරත්න ඇතුළු රජයේ නිලධාරීන් රැසක් සහභාගී වීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya