මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාසල්වලට ළමයින් ඇතුළත් කිරීමේ දී සිදුවිය හැකි අක්‍රමිකතා මැඩළීමට විදුහල්පතිවරුන් දැනුවත් කෙරේ

    අගෝස්තු 03, 2019

    2020 වසරේ දී රජයේ පාසල්වල පළමුවැනි ශ්‍රේණියට හා අතරමැදි ශ්‍රේණිවලට ළමයින් ඇතුළත් කිරීමේ දී ඇතිවිය හැකි අක්‍රමිකතා මැඩළීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය හා එක්ව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් විදුහල්පතිවරු දැනුවත් කිරීමේ විශේෂ වැඩ සටහනක් ක්‍රියාත්මක කරයි.

    අල්ලස්, දූෂණ හා වෙනත් අක්‍රමිකතාවලින් තොරව චක්‍රලේඛ ප්‍රකාරව විනිවිද පෙනෙන ආකාරයෙන් පාසල්වලට ළමයින් ඇතුළත් කර ගැනීමේ ක්‍රියාවලිය සිදුකිරීම සඳහා අවශ්‍ය සෑම පියවරක් ම ගත යුතු බවට අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා ලබා දී ඇති උපදෙස් පරිදි අධ්‍යාපන අමාත්‍යාංශයේ විෂය සමගාමී ශාඛාව හා එක්ව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව මෙම වැඩසටහන මෙහෙයවයි.

    පාසල්වලට ළමයින් ඇතුළත් කිරීමේ දී සිදුවිය හැකි විවිධ දූෂණ හා අක්‍රමිකතා තුරන් කිරීම පිණිස අධ්‍යාපන නිලධාරීන් හා විදුහල්පතිවරුන් දැනුවත් කිරීමේ මෙවැනි වැඩසටහනක් පැවැත්වෙන්නේ ප්‍රථම වරටය.

    අධ්‍යාපන අමාත්‍යාංශයේ මාණ්ඩලික නිලධාරීන් දැනුවත් කරමින් නොබෝ දිනකට පෙර මෙහි ප්‍රථම වැඩසටහන පැවැත්විණි.

    ලබන වසරේ (2020) පළමුවැනි ශ්‍රේණියේ සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ ආදි ශිෂ්‍ය නියෝජිත හා සංවර්ධන සමිති නියෝජිත සහ එම මණ්ඩලයේ සභාපති වශයෙන් විදුහල්පතිවරයා ද මේ වැඩසටහනට සහභාගීවීම අනිවාර්යය වේ. ප්‍රාථමික ශ්‍රේණි නොමැති පාසල්වල විදුහල්පති හා නියෝජ්‍ය විදුහල්පති (අධ්‍යාපන පරිපාලන) ද සහභාගී වියයුතු බවත් ඔවුනට අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දී ඇත.

     අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නීතිඥ දුෂ්මන්ති රාජපක්ෂ (සහකාර අධ්‍යක්ෂ) පොලිස් අධිකාරී ඩබ්ලිව්. ජී. පද්මිණි ( නියෝජ්‍ය අධ්‍යක්ෂ ,විමර්ශන)

    අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසමේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රුවන් සුමේන්ද්‍ර යන මහත්ම මහත්මීහු මෙහි දී දේශනා පැවැත්වූහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya