අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් තෝරා ගැනීම පිළිබඳ මාර්ගෝපදේශනය එළිදැක්වේ

    අගෝස්තු 02, 2019

    හිතකර ආහාර හදුනාගැනීමට සහ සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් තෝරාගැනීම පිළිබද මාර්ගෝපදේශන සංග්‍රහය එළිදැක්වීමේ නිල උත්සවය අද අගෝස්තු 02 දින සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්විණ.

    සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් තෝරාගැනීම පිළිබද නිසි දැනුම සහ කුසලතාවය නොමැති වීමත්, ඊට අදාළව ආකල්ප වල පවතින ගැටලුවත් ශ්‍රී ලංකාවේ ප්‍රභල සෞඛ්‍ය මෙන්ම සමාජ ගැටලුවකි. මෙම ගැටලුව විසදීම සදහා
    තබන තවත් සුවිශේෂී පියවරක් ලෙස Nutrient Profile Model For Sri Lanka නම්වූ මෙම උපදේශන සංග්‍රහය එළිදැක්වීම හැදින්විය හැකිය. සෞඛ්‍ය අමාත්‍යංශයේ පෝෂණ ඒකකය විසින් සංවිධානය කරන ලද මෙම උත්සවය සදහා වෛද්‍යවරු රැසක් සහභාගී වූ අතර එහිදී අදහස් දැක්වූ පෝෂණ අංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ භානුජ විජයතිලක මහතා කියා සිටියේ මෙම හිතකර ආහාර හදුනාගැනීමේ මාර්ගෝපදේශන සංග්‍රහය එළිදැක්වීම දකුණු ආසියාවේ මෙන්ම ලංකාවේද ප්‍රථම වරට සිදුවූවක් බවයි.


    විද්‍යානුකූල වශයෙන් හිතකර සහ අහිතකර ආහාර මොනවාද යන්න මෙම පොත මගින් ජනයාට අවබෝධයක් ලබාගත හැකි අතර විශේෂයෙන්ම මෙය දරුවන් පිළිබදව සලකමින් එළිදක්වා ඇත. මෙම හිතකර ආහාර භාවිතය දරැවන්ට මෙන්ම සියලු වයස් වල පුද්ගලයින්ට වැදගත් වේ. වර්තමානයේ වෙළදපොලේ ඇති ආහාර ගත් කල විශේෂයෙන්ම ෆ්‍රයිඩ් රයිස්, කොත්තු රොටි, කෙටි ආහාර වර්ග ආදියෙහි අධික ලෙස පිටි, ලුණු අඩංගු වන අතර වැඩි ප්‍රමාණයක් ගැඹුරු තෙලෙහි බදින ලද ඒවා වෙයි.


    වර්තමානයේ ජනයා අතර බහුල වශයෙන් පවතින බෝ නොවන රෝග, අධිබර හා ස්ථූලතාවය යන තත්ත්වයන් සදහා ප්‍රධාන වශයෙන් හේතු වනුයේ මෙම අධික තෙල්, අධික ලුණු හා අධික සීන අඩංගු ආහාර පරිභෝජනයයි. මෙම මාර්ගෝපදේශන සංග්‍රහය මගින් සිදුකිරීමට උත්සාහගෙන ඇත්තේ ආහාරයක අඩංගු විය යුතු නිවැරදි සීනි, ලුණු සහ තෙල් ප්‍රමාණ මොනවාද යන්න සහ ඒවා අඩංගු විය යුතු මට්ටම අවබෝධ කර දීමයි. උපරිම වශයෙන් මෙම මට්ටම් පිලිබදව මේ ඔස්සේ ජනතාවට අවබෝධයක් ලබාදේ. එමගින් ආහාරයක් ආහාරයට ගැනීමට සුදුසුද නැතිද යන්න පිළිබදව ඔවුන් හට තීරණයකට එළඹිය හැකිය.


    මෙලෙස ශරීරයට හිතකර මට්ටම් පිළිබදව සැලකීමේදී අපේ වෙළදපොලේ පවතින ආහාර බහුතරයක් ඉවතට විසිවේ. එමනිසා මෙය එකවර සිදුකල නොහැකි බැවින් මුල්ම පියවර ලෙස දරුවන්ගේ ආහාර හරිමගට ගැනීමේ අරමුණෙන් අධ්‍යාපන අමාත්‍යංශයද සමග එකගතාවයකට පැමිණ මෙම වැඩසටහන ප්‍රථමයෙන් පාසල් පද්ධතිය තුළ ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත. පසුව ක්‍රම ක්‍රමයෙන් මෙය සමස්ථ ජනතාව අතරටද ගෙනයාමට නියමිතයි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya