අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතර දිස්ත්‍රික්කයේ උපාධිධාරීන් 1168 දෙනෙකුට රැකියා

    අගෝස්තු 02, 2019

    රැකියා විරහිත උපාධිධාරීන් සඳහා රජයේ රැකියා ලබාදීමේ වැඩපිළිවෙලේ දෙවන අදියර යටතේ උපාධි ධාරීන් 16800 දෙනෙකු සඳහා උපාධිධාරී අභ්‍යාසලාභී පත්වීම් ලබා දෙන අතර ඒ අනුව මාතර දිස්ත්‍රික්කයේ උපාධීධාරීන් 1148 දෙනෙකු සඳහා පත්වීම් ප්‍රදානය කිරීම (31) දින මාතර - නූපේ සණස ශාලාවේ දී සහ මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගාරයේ දී සිදු කෙරිණි.

    මාතර දිස්ත්‍රික්කයේ මාතර කඩවත් සතර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයෙන් උපාධිධාරීන් 183 දෙනෙකු, දෙවිනුවර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයෙන් උපාධිධාරීන් 59 දෙනෙකු, තිහගොඩ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයෙන් උපාධිධාරීන් 55 දෙනෙකු, මාලිම්බඩ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයෙන් උපාධිධාරීන් 40 දෙනෙකු, හක්මණ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයෙන් උපාධිධාරීන් 65 දෙනෙකු, දික්වැල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයෙන් උපාධිධාරීන් 68 දෙනෙකු, මුලටියන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයෙන් උපාධිධාරීන් 95 දෙනෙකු, වැලිගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයෙන් උපාධිධාරීන් 63 දෙනෙකු, කඹුරුපිටිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයෙන් උපාධිධාරීන් 78 දෙනෙකු, කොටපොල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයෙන් උපාධිධාරීන් 81 දෙනෙකු, අකුරැස්ස ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයෙන් උපාධිධාරීන් 80 දෙනෙකු, පස්ගොඩ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයෙන් උපාධිධාරීන් 79 දෙනෙකු, පිටබැද්දර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයෙන් උපාධිධාරීන් 66 දෙනෙකු, අතුරලිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයෙන් උපාධිධාරීන් 47 දෙනෙකු, වැලිපිටිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයෙන් උපාධිධාරීන් 48 දෙනෙකු, කිරින්ද - පුහුල්වැල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයෙන් උපාධිධාරීන් 41 දෙනෙකු වශයෙන් මාතර දිස්ත්‍රික්කයේ උපාධිධාරීන් 1148 දෙනෙකු සඳහා පත්වීම් ලිපි ප්‍රදානය සිදු කරන ලදි.


    ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීමේ හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යාංශය යටතේ මෙම පත්වීම් ප්‍රදානය සිදු කළ අතර පත්වීම්ලාභීන් වසරක පුහුණු කාලයකින් පසුව ස්ථීර කිරීමට නියමිත ය.

    අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍ර‍ධානී, වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන ගරු අමාත්‍ය සාගල රත්නායක මහතා හා කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා ඇතුළු මාතර දිස්ත්‍රික්කයේ ජනතා නියෝජිතයින්, මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතා ප්‍රමුඛ රාජ්‍ය නිලධාරීන් සහ පත්වීම්ලාභීන් මේ අවස්ථාවට සහභාගි වී සිටියහ.

    DMU/Matara

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya