අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කර්මාන්ත හා වානිජ කටයුතු සම්බන්ධයෙන් නව ජාතික ප්‍රතිපත්ති 3ක් - රාජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ

    අගෝස්තු 02, 2019

    ඉදිරි මාස 06 ඇතුළත ජාතික ප්‍රතිපත්ති 3ක් එළි දැක්විමට තමන් බලාපොරොත්තු වන බව කර්මාන්ත හා වාණිජ්‍ය කටයුතු දිගුකාලීන අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන හා වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන රාජ්‍ය ඇමති බුද්ධික පතිරණ මහතා (01)දින අරලිය ගහ මන්දිරයේ දි පැවැති මාධ්‍ය හමුවක දී පැවසිය.

     ජාතික කර්මාන්ත ප්‍රතිපත්තිය,අධ්‍යාපනික ප්‍රතිපත්තිය හා අභ්‍යන්තර වෙළඳ ප්‍රතිපත්තිය වන අතර ජුලි 21 දා ජාතික සමුපකාර ප්‍රතිපත්තිය එළි දැක් වු බව ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

    එමෙන් ම බොහෝ ප්‍රඥප්තින් ද ඉදිරි කාලයේ දි සංශෝධනය කිරිමට ද තම අමාත්‍යාංශය බලාපොරොත්තු වන බව පැවසු බුද්ධික පතිරණ ඇමතිවරයා,සමුපකාර බැංකු ප්‍රඥප්තිය,සමුපකාර බැංකු පනත,පාරිභෝගික අධිකාරි පනත හා සමුපකාර පනත සංශෝධනයට ලක් කරන බව පැවසිය.

    දරුවෙක් මව්කුසට පැමිණිමේ සිට මෙලොව එළිය දැක මරණයට පත් විම දක්වාම තම අමාත්‍යාංශය යටතේ ඇති ආයතන මඟින් සේවාවන් ලබා ගන්නා බව පැවසු ඇමතිවරයා,සමුපකාරය,සතොස,සළුසල ආයතනයේ සිට ජාතික ශිල්ප සභාව,ලක්සල ආයතනය,ඒමෙන් ම අධ්‍යාපනික මට්ටමින් සාගර විශ්ව විද්‍යාලය,තාක්ෂණ විශ්ව විද්‍යාලය,හරිත විශ්ව විද්‍යාලය,තෘතීය අධ්‍යාපන කොමිසන් සභාව, කාර්මික පුහුණු කිරිමේ අධිකාරිය,කාර්මික සංවර්ධන අධිකාරිය යනාදි විශාල ආයතන සංඛ්‍යාවක් අයත් බවයි.මේ යටතේ විවිධ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරන බව පැවසු ඇමතිවරයා,ලංකාවේ ආහාරවලට යොදා ගන්නා ෆෝමලින් සම්බන්ධයෙන් තමා දැඩි ක්‍රියා මාර්ග ගත්තා බව පැවසිය.

    පසුගියදා රාජ්‍ය වානිජ නිතිගත සංස්ථාවට ෆෝමලින් ගෙන්විමේ ඒකාධිකාරිය පවරා ගත් බවත්,මිට පෙර එය නොතිබු බවත්,අතිතයේ දි ෆොමලින් යොදා ගත්තේ මිනි එම්බාම් කිරිමට බවත්,මේ වන විට මිනි එම්බාම් කිරිමට නොව එය ආහාර කල්තබා ගැනිමේ ද්‍රව්‍යයක් බවට පත් වි ඇති බව පැවසිය.

    මේ හේතුවෙන් සියලු ම මල්ශාලා ලියාපදිංචි කිරිමට කටයුතු කර එමඟින් යම්කිසි ප්‍රමාණයකට මල්ශාලා වලට ෆෝමලින් නිකුත් කිරිමක් සිදු කරන බවත් ඉන් පිටතට ෆෝමලින් නිකුත් කළහොත් පාරිභෝගික අධිකාරිය මඟින් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් පැවසීය.

    කිරිපිටිවල මිල සුත්‍රය දැනටමත් හඳුන්වා දි ඇති අතර පාන් පිටි මිල සුත්‍රය ද හැකි ඉක්මනින් හඳුන්වා දිමට බලාපොරොත්තු වන බව පැවසීය.එය ඉන්ධන මිල සුත්‍රය මෙන් නොව ඉතා විනිවිදභාවයකින් යුක්ත සියලු දෙනාට ම තේරුම් ගැනිමට හැකි වන පරිදි සකස් කරන බවයි.එමෙන් ම ආනයනික කිරිපිටිවල වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල ඇති බව පැවසු ඇමතිවරයා එය නොබෝ දිනකින්ම පාර්ලිමේනතුව සාකච්ඡාවට ගන්නා බවයි අවධාරණය කළේ ය.

    සාම්ප්‍රදායික දේශිය භාණ්ඩ මිලට වඩා අඩු මුදලට විදේශ රටවලින් ආනයන කරනු ලබන භාණ්ඩ හේතුවෙන් එම සාම්ප්‍රදායික කර්මාන්ත වල නිරත වන ශිල්පීන් දැඩි අපහසුතාවයකට ලක් වි ඇති බවත්,විශේෂයෙන් මැලේසියාව,ඉන්දියාව යනාදි රටවලින් අඩු මුදලට බතික් ආශ්‍රිත නිර්මාණ ගෙන්වා වෙළඳ පොළට නිකුත් කරන අතර ඒ හේතුවෙන් දේශය වෙළඳපොළ කඩා වැටිම නැවතිමට ආනයනික භාණ්ඩ මත සෙස් බද්දක් අය කිරිමට මුදල් අමාත්‍යාංශයට යෝජනා කර ඇතැයි පැවසිය.

    එමෙන්ම සියලු ම රංගන ශිල්පින්/කලාකරුවන් සඳහා (රාජ්‍ය නිවාස සංවර්ධන මුල්‍ය අරමුදල) බැංකුව මඟින් ලබන වසරේ සිට විශ්‍රම වැටුපක් ලබා දිමටත්,නොමිලේ රක්ෂණ ආවරණයක් ලබා දිමටත් බලාපොරොත්තු වන බවයි.සාම්ප්‍රදායික ශිල්පීන්ගේ සාම්ප්‍රදායික කර්මාන්ත නඟා සිටුවිම සඳහා නවින තාක්ෂණ මඟින් විශේෂයෙන් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ තම භාණ්ඩ අලෙවි කිරිමේ වැඩසටහනක් ද හඳුන්වා දිමත්, එමෙන් ම ජාතික ශිල්ප සභාව හා අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව මහනුවර පොල්ගොල්ල දේශයේ සාක් අධ්‍යාපන මධ්‍යස්ථානයක් පිහිටුවා සාම්ප්‍රදායික කර්මාන්ත පිළිබඳ දැනුම නව පරපුරට ලබා දිමේ වැඩ පිළිවෙලක් ද ක්‍රියාත්මක වන බව පැවසිය.

    ව්‍යාවසායකයින් දිරි ගැන්විමක් ලෙස නවමු ලංකා වැඩසටහන යටතේ ව්‍යාවසායකයින් සඳහා රුපියල් මිලියන යන ප්‍රදානයක් ලබා දි නව නිර්මාණ සඳහා අවස්ථාවක් ද ලබාදිමට තම අමාත්‍යාංශය බලාපොරොත්තු වන බවත්,එමෙන් ම විශ්වවිද්‍යාල පද්ධතියේ සිටින බොහෝ ශිෂ්‍යයින් මෙන් ම ආචාර මණ්ඩලයේ විද්වතුන්ද ව්‍යාසායකයින් ලෙසින් කටයුතු කිරිමට කැමැත්තක් දක්වන බවත්,මේ වන විට වයඔ විශ්ව විද්‍යාලය මෙම ව්‍යාපෘතිය ආරම්භ කර ඇති බවත් පැවසිය.

    විශ්වවිද්‍යාල නව ව්‍යාසායකයින් සඳහා රුපියල් එක්ලක්ෂ පනස්දහසක් (1,50,000) ක මුදලක් ලබා දිමට තමා අමාත්‍යාංශය කටයුතු කර ඇතැයි ඇමතිවරයා වැඩිදුරටත් පැවසිය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya