අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජල හිඟයෙන් පීඩාවට පත් ප්‍රදේශවලට අපදා කළමනාකරණ අමාත්‍යංශය විසින් ජල ටැංකි 15000 ක් සහ ජල බව්සර් යොදවයි

    අගෝස්තු 02, 2019

    දිස්ත්‍රික්ක 20 ක පවතින නියගයෙන් ලක්‍ෂ එක හමාරක ජනතාවට ජල හිඟයෙන් පීඩා දිවයින පුරා පවතින වියළි කාළගුණය නිසා දිස්ත්‍රික්ක 20 කට ආසන්න සංඛ්‍යාවක ලක්‍ෂ 06කට අධික ජනතාවක් පීඩාවට පත්ව ඇති බවත් එයින් ලක්‍ෂ එකහමාරක පමණ ජනතාව උග්‍ර ජල හිඟය හේතුවෙන් පීඩාවට පත් වී ඇති බවත් අපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.

    උතුරු පළාතේ කිලිනොච්චිය, මුලතිව්, වව්නියා, මන්නාරම දිස්ත්‍රික්ක වලට හා නැගෙනහිර පළාතේ දිස්ත්‍රික්ක රැසකට පානීය හිඟය තදින්ම බලපා ඇතැයි එම මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා රජයේ නිල වෙබ් අඩවියට පැවසීය.

    මෙම ප්‍රදේශ වලට අපදා කළමනාකරණ අමාත්‍යංශය විසින් ජල ටැංකි 15000 ක් සහ ජල බෝතල් ද යවා තිබේ. ජාතික අපදා සහන මධ්‍යස්ථානයේ මෙහෙයවීමෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මඟින් ද ජල බව්සර් වලින් ජලය සැපයීමට පියවරගෙන ඇත.

    මේ දිනවල ජලය ඉතාමත් අරපරිස්සමෙන් යුතුව පාවිච්ච් කරන ලෙස ද, මෙම ප්‍රදේශවල ජනතාවට පානීය ජලය පිලිබඳ ගැටළු තිබේ නම් 117 දරණ දුරකථන අංකයට දැනුම් දෙන ලෙස ද ප්‍රදීප් කොඩිප්පිලි මහතා ඉල්ලා සිටී.
    නියඟයෙන් පීඩා විදින ජනතාවට සහන සැළසීම සඳහා අපදා කළමනාකරණ අමාත්‍යංශය මඟින් දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත රුපියල් මිලියන 60 ක මුදලක් නිකුත් කොට ඇති අතර අවශ්‍යතා අනුව තවත් මුදල් සපයන බව ද ඒ මහතා කීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya