අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගාල්ල දිස්ත්‍රික්කයේ අභ්‍යාසලාභි උපාධිධාරින් 1560කට රජයේ පත්වීම්

    අගෝස්තු 02, 2019

    ගාල්ල දිස්ත්‍රික්කයේ අභ්‍යාසලාභි උපාධිධාරින් 1560 දෙනෙකු සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරිම (31) දින ගාල්ල මහා නගර සභා පරිශ්‍රයේදී දිස්ත්‍රික්කයේ කැබිනට් මැති ඇමතිවරුන්ගේ ප්‍රදානත්වයෙන් පැවැත්විණි.

    රජය විසින් අභ්‍යාසලාභි උපාධිධාරින් බඳවා ගැනිමේ වැඩපිළිවෙල යටතේ 16800ක පිරිසක් සඳහා පත්විම් ලිපි ලබා දිම මේ දිනවල සිදුවේ.

     ඒ අතුරින් වැඩිම පිරිසක් හික්කඩුව ප්‍රාදේශිය ලේකම් බල ප්‍රදේශයෙන් සුදුසුකම් ලබා ඇති අතර එය සංඛ්‍යාත්මකව 136 දෙනෙකි. කඩවත් සතර බල ප්‍රදේශයෙන් උපාධිධාරින් 118 දෙනෙකුද, ඇල්පිටිය බල ප්‍රදේශයෙන් උපාධිධාරින් 111 දෙනෙකුද, යක්කලමුල්ල බල ප්‍රදේශයෙන් උපාධිධාරින් 105 දෙනෙකුද, යනාදි වශයෙන් දිස්ත්‍රික්කයේ 1560 දෙනෙකු මෙලෙස අභ්‍යාසලාභි පුහුණු නිලධාරින් වශයෙන් බඳවා ගැනින. ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා, ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රි විජේපාල හෙට්ටිආරච්චි මහතා , බන්දුලලාල් බන්ඩාරිගොඩ මහතා , පියසේන ගමගේ යන මහත්වරුන් සහ රාජ්‍ය නිලධාරීන් රැසක්ද මිට එක්ව සිටියහ.

    DMU/Galle

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya