අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රට වෙනුවෙන් එකට සිටිමු - ගම්පහ දිස්ත්‍රික්කයේ ළමුන් සුරකීමේ වැඩසටහන යටතේ ළමා හිමිකම් ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන් රැසක් ක්‍රියාත්මකයි.

    අගෝස්තු 01, 2019

    ප්‍රවෘත්ති නිවේදනය- රට වෙනුවෙන් එකට සිටිමු ජාතික සංවර්ධන වැඩ සටහනට සමගාමීව ගම්පහ දිස්ත්‍රික්කයේ ළමුන් සුරකීමේ වැඩසටහන යටතේ ළමා හිමිකම් ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන් රැසක් ක්‍රියාත්මකයි.

    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයක් අනුව ජනාධිපති ලේකම් කාර්යාලයේ ඍජු අධීක්ෂණය මත ක්‍රියාත්මක කෙරෙන “දරුවන් සුරකිමු” ජාතික වැඩ සටහනට සමගාමීව රට වෙනුවෙන් එකට සිටිමු ජාතික වැඩ සටහන යටතේ ගම්පහ දිස්ත්‍රික්කයේ ළමා හිමිකම් ප්‍රවර්ධනය කිරීමේ වැඩ සටහන් රැසක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් ක්‍රියාත්මක බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ගම්පහ විශේෂ මාධ්‍ය මධ්‍යස්ථානය පවසයි.

    මෙම වැඩසටහන් තුළින් දරුවන්ගේ අනාගතය වඩාත් සුරක්ෂිත කරමින් දරුවන්ගේ පූර්ව ළමා කාලය යහපත් මානසික සංවර්ධනයන් යටතේ පවත්වාගෙන යාම සඳහා නිවැරදි මාර්ගෝපදේශයක් වැඩි හිටි සමාජයට මෙන්ම ගුරුභවතුන් වෙත ද ලබා දෙමින් දරුවන් සුරක්ෂිත කිරීම සඳහා රජය විශේෂ වැඩ සටහන් ක්‍රියාත්මක කරන අතර ළමා අපයෝජනයන් වළක්වා ගැනීම, දිවා සුරැකුම් මධ්‍යස්ථාන නිවැරදිව පාලනය කිරීම, ළමා කුසලතා වර්ධනය කිරීමේ නිවැරදි දැනුම සමාජගත කිරීම, යහපත් සෞඛ්‍ය පුරුදු ඇති කිරීම, ළමුන්ගේ ක්‍රීඩා හා ශාරිරික නිරෝගී බව ආරක්ෂා කිරීම ආදී විෂයන් යටතේ මෙම දැනුවත් කිරීම සිදු කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ගම්පහ දිස්ත්‍රික් විශේෂ මාධ්‍ය මධ්‍යස්ථානය පවසයි.

    ජනාධිපති ලේකම් කාර්යාලයේ ඍජු අධීක්ෂණය මත ළමා හා කාන්තා කටයුතු කාර්යාංශය ළමාආරක්ෂණ අධිකාරිය, සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය ආයතන ගණනාවක් මෙම වැඩ සටහන සඳහා සම්පත් දායකත්වය ලබා දී ඇති අතර ගම්පහ දිස්ත්‍රික්කයේ ගම්පහ, ජා ඇල, අත්තනගල්ල, වත්තල, මීගමුව, දිවුලපිටිය, මිනුවන්ගොඩ, කටාන, මහර, කැලණිය, දොම්පෙ, බියගම, මීරිගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල මෙම වැඩ සටහන මෙම සතිය පුරා ක්‍රියාත්මක වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ගම්පහ දිස්ත්‍රික් විශේෂ මාධ්‍ය මධ්‍යස්ථානය පවසයි.

     

    ගම්පහ දිස්ත්‍රික් විශේෂ මාධ්‍ය මධ්‍යස්ථානය
    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya