මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කුවේට් සිට පැමිණි අවතැන් ශ්‍රමිකයන්ට විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් සහන

    අගෝස්තු 01, 2019

    කුවේට්හි විවිධ කරදර වලට ලක්ව අවතැන් වූ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 57 දෙනෙකු 2019 ජූලි 29 වන දින යූ .එල්. 230 දරණ ගුවන් යානයෙන් ශ්‍රී ලංකාවට පැමිණි අතර, මේ සම්බන්ධයෙන් කුවේට් තානාපති කාර්යාලය විසින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත පූර්ව දැනුම්දීමක් කර  තිබූ බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

    ඒ අනුව, කාර්යාංශයේ කටුනායක සහන පියස මඟින් ඔවුන්ගේ අවශ්‍යතා සොයා බලන ලදී. මෙහිදී අසනීප තත්ත්වයෙන් පැමිණි කාන්තාවන් 11 දෙනෙකු සිට ඇති අතර ඉන් එක් අයෙකු රෝහල් ගත කරන ලදී. අනෙකුත් අය ගුවන්තොටුපල වෛද්‍ය මධ්‍යස්ථානය හරහා පරීක්ෂාවෙන් අනතුරුව සිය ඥාතීන්හට භාරදී ඇත.

     තවත් කාන්තාවන් 20 දෙනෙකුට සිය ගමනාන්තය දක්වා අවශ්‍ය ප්‍රවාහන ගාස්තු ගෙවා සිය නිවෙස්කරා යාමට සළසා දී තිබෙන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya