මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නුවරඑළිය දිස්ත්‍රික්කයේ රැකියා විරහිත උපාධිධාරින්ට පත්වීම් ප්‍රදානය අද

    අගෝස්තු 01, 2019

    රැකියා විරහිත උපාධිධාරින් ට රැකියා ලබාදීමේ රජයේ වැඩලිවෙල යටතේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ රැකියා විරහිත උපාධිධාරින් 218 දෙනකු අභ්‍යාසලාභී පුහුණු නිලධාරීන් ලෙස අලුතින් පත්වීම් ලබාදීමේ දිස්ත්‍රික් උත්සවය 2019 අගෝස්තු 01 වැනිදා උදැසන 10.00 ට මැති ඇමතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ආශ්චරිය ශාලාවේ දී පැවැත්වීමට නියමිතය.

    ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචිකිරීම් හා පුනරුත්තාපන, උතුරු පළාත් සංවර්ධන, වෘත්තිය පුහුණු හා නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක කර ඇති මෙම වැඩසටහන යටතේ දිවයින පුරා රැකියා විරහිත උපාධිධාරින් 16, 800 ක් අභ්‍යාසලාභී පුහුණු නිලධාරීන් ලෙස අලුතින් පත්වීම් ලබාදීමේ සමාරම්භක උත්සවය 2019 ජුලි 30 වැනිදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලිය ගහ මන්දිරයේ දී පැවැත්වු අතර එයට සමගාමිව දිස්ත්‍රික් මට්ටමින් මෙම උත්සවය සංවිධානය කර තිබේ.

    මෙහිදි නුවරඑළිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට පත්වීම් 21 ක්, හගුරන්කේත ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට පත්වීම් 90 ක්. අඹගමුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට පත්වීම් 25 ක් සහ වලපනේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට පත්වීම් 37 ක් සහ කොත්මලේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට පත්වීම් 45 ක් ලබාදීමට නියමිත බව දිස්ත්‍රික් ලේකම් එම්.බි.ආර්. පුෂ්පකුමාර මහතා පැවසීය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya