අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගාලුකුමාරී දුම්රියට නව බලවේග කට්ටලයක්. දුම්රිය ධාවනයේ වෙනස්කම් ගණනාවක්

    අගෝස්තු 01, 2019

    මරදාන දුම්රිය ස්ථානයෙන් බෙලිඅත්ත දුම්රිය ස්ථානය දක්වා ධාවනය වන ගාලු කුමාරී දුම්රියට දැනට යොදා ඇති එස් - 12 බලවේග කට්ටලය වෙනුවට අගෝස්තු 01දා සිට එස් - 13 වර්ගයේ නවීන බලවේග කට්ටලයක් යොදා ඇතැයි දුම්රිය වාණිජ අධිකාරී කාර්යාලය පවසයි.

    තවද මෙම නවීන දුම්රියට වායු සමනය කරන ලද මැදිරි දෙකක්ද එක්කොට ඇති අතර එහි ආසන කලින් වෙන් කරවා ගැනීමේ පහසුකම් සලසා ඇති බවද එම කාර්යාලය නිකුත්කොට ඇති නිවේදනයක දැක්වේ. එසේම (01 දා) සිට ධාවනයට යොදවන නව දුම්රිය මෙසේය.


    2019.08.01 දින සිට ධාවනයට යොදවන නව දුම්රියන් කොළඹ කොටුව සිට යාපනය දක්වා
    1) අංක 4081 දරණ දුම්රිය දිනපතා කොළඹ කොටුවෙන් පෙ.ව. 08.50 ට පිටත්වී යාපනය දුම්රිය ස්ථානයට ප.ව. 06.31 ළගාවේ.
    2) අංක 4087 දරණ දුම්රිය දිනපතා කොළඹ කොටුවෙන් ප.ව. 07.15 ට පිටත්වී යාපනය දුම්රිය ස්ථානයට පෙ.ව. 04.20 ළගාවේ.
    2019.08.02 දින සිට ධාවනයට යොදවන නව දුම්රියන් යාපනය සිට කොළඹ කොටුව දක්වා (2019.08.02)
    1) අංක 4082 දරණ දුම්රිය දිනපතා යාපනය දුම්රිය ස්ථානයෙන් පෙ.ව. 06.25ට පිටත්වී කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ප.ව. 04.00 ළගාවේ.
    2) අංක 4088 දරණ දුම්රිය දිනපතා යාපනය දුම්රිය ස්ථානයෙන් ප.ව. 06.40ට පිටත්වී කොළඹ කොටුව දුම්රිය ස්ථානයට පෙ.ව. 04.00 ළගාවේ. මැදවච්චිය දුම්රිය ස්ථානයේ සිට තලේමන්නාරම් තොට දක්වා (2019.08.02)
    අංක 5845 දරණ දුම්රිය දිනපතා මැදවච්චිය ස්ථානයෙන් ප.ව. 03.00ට පිටත්වී තලේ මන්නාරම්තොට දුම්රිය ස්ථානයට ප.ව. 05.15ට ලගාවේ. 2019.08.01 දින සිට ධාවන වෙලාවන් වෙනස් කර ඇති දුම්රියන්.
    01) 2019.08.01 දින සිට තලේමන්නාරම් දුම්රිය ස්ථානය දක්වා ගමන් ගන්නා මගීන්ට අංක 4087 රාත්‍රී තැපැල් දුම්රියේ පසුපස මැදිරි 03 වෙන්කර ඇත. එම මැදිරි අනුරාධපුර දුම්රිය ස්ථානයෙන් ගලවා අංක 4453 දරන දුම්රිය ලෙරොත්‍රී 12.50ට අනුරාධපුර දුම්රිය ස්ථානයේ සිට තලේමන්නාරම දුම්රිය ස්ථාන දක්වා ධාවනය වේ.

    02) 2019.08.02 දින තලේමන්නාරම දුම්රිය ස්ථානයෙන් රාත්‍රී 07.00ට පිටත් වන අංක 5844 දුම්රිය අනුරාධපුර දුම්රිය ස්ථානයේදී යාපනයේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන අංක 4088 රාත්‍රී තැපැල් දුම්රියට අමුණනු ලැබේ. නවතා තබන ලද දුම්රියක් නැවත ධාවනය සදහා යෙදවීම.
    2019.05.31 දින සිට ධාවනය නතර කර තිබූ මහනුවර සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වාත් ඇල්ල දුම්රිය ස්ථානයේ සිට මහනුවර දුම්රිය ස්ථානය දක්වාත් සති අන්තයේ ධාවනය කරනු ලබන අංක 1027/1028 දරණ දුම්රියන් 2019.08.03 වන දින සිට නැවත සති අන්තයේ ධාවනය කරනු ලබන බවද එම නිවේදනයේ දැක්වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya