මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික ආරක්ෂාව වෙනුවෙන් ගත යුතු පියවර රාශියක් හදිසි නීතිය යටතේ අරගෙන තිබෙනවා- නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන

    ජූලි 31, 2019

    ජාතික ආරක්ෂාව වෙනුවෙන් ගත යුතු පියවර රාශියක් හදිසි නීතිය යටතේ අරගෙන තිබෙනවා. ආගම අද ගැටුම්වල මූලාශ්‍රයක් ජාතික ආරක්ෂාව කඩවන මූලාශ්‍රයක් වෙලා. මේ ගැන සිතාමතා බැලීමට අවශ්‍ය බවත් ආගමික අන්තවාදයට වැටබැදීම කළ යුතු බවත්  නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා අද (31) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ හදිසි නීතිය මසකින් දීර්ග කිරීමේ විවාදයට එක්වෙමිනි.

    රජය හදිසි නීතිය යටතේ රට පාලනය කරන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. අවාසනාවකට පාස්කු ප්‍රහාරය නිසා හදිසි නීතිය පනවන්න සිදු වුණා. ජාතික ආරක්ෂාව වෙනුවෙන් ගත යුතු පියවර රාශියක් හදිසි නීතිය යටතේ අරගෙන තිබෙනවා. මේ ක්‍රියාමාර්ග ස්ථීර නීතිය යටතට ගන්නා තුළ හදිසි නීතිය පවත්වාගත යුතුයි කියන මතයේ ඉන්නවා.

    ආගම අද ගැටුම්වල මූලාශ්‍රයක් ජාතික ආරක්ෂාව කඩවන මූලාශ්‍රයක් වෙලා. මේ ගැන සිතාමතා බැලීමට අවශ්‍යයි. ජාතික ආරක්ෂාව දෙස වෛරයෙන් කෝපයෙන් බලන්නේ නෑතිව වගකීමක් ඇති ජනතා නියෝජිතයන් ලෙස කටයුතු කරන්න සිදු වී තිබෙනවා.

    සමාජයම ආගමික වෙලා. ආගමිකයි එය ධාර්මික නෑ.ධාර්මික වෙනකොට ශුද්ධ ලියවිලි ගැන ගැඹුරින් කල්පනා කරනවා.නැවතවරක් සිහිපත් විය යුතුයි ආගමික අන්තවාදයට වැටබැදීම පුරවැසියන් ලෙස ඉටු කළ යුතුයි. පොදු අපරාධ නීතියක් තිබිය යුතුයි. ළමා විවාහය කියන කාරණය බරපතලයි.අයිතිවාසිකම් උල්ලංඝණය වෙනවා ළමා විවාහය නිසා. සියලු දෙනාම මේ කාරණයේ දී පුද්ගල නීති මානව හිමිකම් නීතියට යටත් කරලා යලි අවධාරණය කරන්න ඕන. මානව හිමිකම් සමඟ ගැටෙනවා නම් ඒවා පුනරීක්ෂණය කරලා නීති සකස් කරන්න කටයුතු කරන්න ඕන යැයි ද නියෝජ්‍ය අමත්‍යවරයා පැවසීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya