මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනතාව වෙනුවෙන් සුබවාදී පනතක් ගෙනාවම ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා එය වළක්වන්නේ ඇයි?- සභානායක

    ජූලි 31, 2019

    ජනතාව වෙනුවෙන් සුබවාදී පනතක් ගෙනාවම ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා එය වළක්වන්නේ ඇයිදැයි සභානායක,අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (31) පාර්ලිමේන්තුවේ දී විපක්ෂයෙන් විමසා සිටියේ ය.

    විපක්ෂයේ මන්ත්‍රීවරු විසින් රජයේ ඉඩම් විශේෂ විධිවිධාන පනත ඉල්ලා අස්කරගත යුතු බවත් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට ගරු කරන ලෙසත් විපක්ෂයේ මන්ත්‍රීවරු ප්‍රකාශ කර සිටියේ ය.

    මේ සම්බන්ධයෙන් අමාත්‍යවරයා සඳහන් කළේ, ලක්ෂ 25ක් ඉන්නවා,ඒ අයට තවම ඉඩම් ඔප්පු නෑ. දරුවන්ට ඉඩම් දෙන්න විදියක් නෑ. ණයක් ගන්න විදියක් නෑ.නීති තර්ක වෙනම එකක්. එය සොයා බැලිය යුතුයි. ජනතා සුබවාදී පනතක් ගෙනාවම ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා එයට විරුද්ධ වෙන්නේ ඇයි. ශ්‍රේෂ්ඨාධීකරණ තීන්දුව අධ්‍යයනය කරනව යැයි ද පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya