අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සම්ප්‍රදාය අත නොහැර නව තාක්ෂණය සමඟ ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව නවීන වෙනස්කම් රැසක් සමඟින් සේවාලාභින් හමුවට

    ජූලි 31, 2019

    නවීන තාක්ෂණය හා අනුගත වෙමින් මූලික අදියරේ දී සියළුම තැපැල් කාර්යාල ජාලගත කිරීම සිදු කරනු ලැබූ බව ඊයේ (30) පැවති මාධ්‍ය සාකච්ඡාවේ දී තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පැවසිය.

    වසර 223 ක දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන තැපැල් දෙපාර්තමේන්තුව වර්තමානයේ සන්නිවේදනයේ දියුණුවත් සමඟ තවදුරටත් මහජනතාවට වලංගු වේ ද යන මතයට පිළිතුරු වශයෙන් එහි සත්‍ය තත්ත්වය පැහැදිළි කිරීම හා රාජ්‍ය, පෞද්ගලික ආයතන හා ගෘහස්ථ පාරිභෝගික ජනතාවට හඳුන්වා දුන් නවීන සේවාවන් පිළිබඳ දැනුවත් කිරීම අරමුණු කරගනිමින් මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.

    වර්තමානය වන විට ජාත්‍යන්තර හා ජාතික පෞද්ගලික ලිපි හුවමාරුවේ අඩු වීමක් දක්නට ඇතත්, ව්‍යාපාරික වශයෙන් ඉතා විශාල ප්‍රමාණයක ලිපි හුවමාරුවක් සිදුවන බවත්, දළ වශයෙන් දේශීය හා විදේශීය ව දිනකට මිලියන 1.3 ක තැපැල් භාණ්ඩ හුවමාරු කිරීම් සිදුවන බවත් ඒ මහතා පැවසී ය.

    නව සහශ්‍රයට පා තැබීමත් සමඟ තාක්‍ෂණික පෙරළිය සමඟ තැපැල් ක්‍රමවේදයේ වෙනසක් ඇති වූ බව පැවසූ හෙතෙම නව සේවාවන් රැසක් මහජනතාවට හඳුන්වා දීම මෙහි දී සිදු විය. තැපැල් දෙපාර්තමේන්තුව විසින් නිර්මාණය කරගත් තොරතුරු තාක්ෂණ පද්ධතියකින් මහජනතාවගේ උපයෝගිතා බිල්පත් ගෙවීම් සිදු කිරීමේ ක්‍රියාවලියක් පැවති බවත්, වර්තමානය වන විට එම පද්ධතිය යාවත්කාලීන කර නව තාක්‍ෂණය යොදා ගනිමින් ඉතා ශීඝ්‍ර දියුණුවක් අත්පත් කරගෙන ඇති බවත් හෙතෙම පැවසී ය.

    ඒ අනුව, තැපැල් කාර්යාල ජාලගත කිරීම හරහා ජල විදුලි බිල්පත්, රක්‍ෂණ වාරික ගෙවීම්, කුරියර් පහසුකම් (Speed Post), ක්ෂණික මුදල් හුවමාරු කිරීම්, EMS සේවාව, E-Channeling මඟින් විශේෂඥ වෛද්‍ය සේවා ලබා ගැනීම, තොග තැපැල් සේවාව වැනි නවීන සේවාවන් රැසක් තැපැල් දෙපාර්තමේන්තුව හරහා පහසුවෙන් සිදු කරගත හැකි බව ඒ මහතා වැඩිදුරටත් පැවසිය.

    තැපැල් භාණ්ඩ නිරන්තර පරීක්ෂාවට යොමු කරන අතර සියලුම තැපෑල හරහා යැවෙන දේශීය විදේශීය තැපැල් භාණ්ඩ ස්කෑන් කිරීම ද සිදු කරන බවත්, තැපැල් දෙපාර්තමේන්තුවට ආවේණික බාර්කෝඩ් සංකේත ක්‍රමයක් උපයෝගී කර ගනිමින් අදාළ පුද්ගලයින්/ආයතන වෙත ආරක්ෂාකාරී ව ලබා දීමට කටයුතු කරන බවත් මාධ්‍ය හමුවේ තවදුරටත් අදහස් දක්වමින් නියෝජ්‍ය තැපැල්පති තුසිත හුලංගමුව මහතා පැවසීය.

    එමඟින් දේශීය හා විදේශීය තැපැල් භාණ්ඩ පරීක්‍ෂා කිරීම මඟින් විශාල මත්ද්‍රව්‍ය අනාවරණය කිරීම් සිදු කල බවද මෙකී වෙනස්කම් සිදු කිරීම හමුවේ රට තුළ තැපෑල හරහා මත්ද්‍රව්‍ය හුවමාරු කිරීම වැළකීමට හැකි වී ඇති බව ද තුසිත හුලංගමුව මහතා පැවසිය.
    www.slpost.gov.lk තැපැල් දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවිය මගින් විභාග දෙපාර්තමේන්තුවේ සහතික ලබා ගැනීම සදහා අයදුම් කිරීම, ගුවන් ගමන් බලපත්‍ර සදහා අයදුම් කිරීම, (E-Commerce) සඳහා හැකියාව මෙන්ම මුල්ම වතාවට හඳුන්වා දෙන B-POST මඟින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්ගේ නිෂ්පාදන අලෙවි කිරීම සඳහා හැකියාව ලැබෙන බව ද තවදුරටත් මෙහි දී සඳහන් විය. www.bpost.gov.lk එළඹෙන සැප්තැම්බර් 09 වන දිනට යෙදී ඇති ලෝක තැපැල් දිනයට සමගාමී ව නව ලොවට ගැළපෙන පරිදි ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තු ලාංඡනය දෙවන වතාවටත් එළිදැක්වීම සිදු වන බවත්, ඒ සඳහා නිර්මාණාත්මක හැකියාවන්ගෙන් යුතු පුද්ගලයින්ට විවෘත ආරාධනයක් සිදු කළ අතර එකී ස්වනිර්මාණ අගෝස්තු 31 දක්වා භාර ගැනීම සිදු කරන බව මෙම සාකච්ඡාවේ දී සදහන් කරන ලදී.

    රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව, නියෝජ්‍ය තැපැල් මෙහෙයුම් රාජිත රණසිංහ සහ අදිකාරී සම්බන්ධීකරණ ධම්මික ඒකනායක යන මහත්වරුන් ද මෙම සාකච්ඡාවට සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya