අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතලේ උපාධිධාරින්ට අභ්‍යාසලාභි පත්වීම්

    ජූලි 31, 2019

    උපාධිධාරි අභ්‍යාස ලාභීන් 16800 දෙනෙකු වසරක පුහුණු කාලයක් සදහා රජයට බදවා ගැනිමේ වැඩ සටහනට සමගාමිව මාතලේ දිස්ත්‍රික් උපාධීධාරි අභ්‍යාස ලාභින් සදහා පත්වීම් ලිපි ප්‍රදානය 2019.08.01 දින පෙ.ව. 10.00ට මාතලේ හෝටල් පාසල් ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.

    මෙහිදී මාතලේ දිස්ත්‍රික්කයෙන් තෝරාගත් උපාධීධාරින් 250 දෙනෙකුට පත්විම් ලිපි ප්‍රදානය කිරීමට නියමිතය. මෙම අවස්ථාවට කෘෂිකර්ම හා වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ, සංචාරක සංවර්ධන වනජීවි හා ක්‍රිස්තියානි ආගමික කටයුතු රාජ්‍ය අමාත්‍ය රංජිත් අලුවිහාරේ, පාර්ලිමෙන්තු මන්ත්‍රීණි රෝහිණි කවිරත්න , මාතලේ දිස්ත්‍රික් ලේකම් ඒස්.එම්.කේ.ජී පෙරේරා ඇතුළු මහත්ම මහත්මින් රැසක් මෙම අවස්ථාවට සහභාගි විමට නියමිතය.

    DMU/Matale

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya