මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජූලි 31 සිට අගෝස්තු 02 දක්වා තෙදින ඩෙංගු මර්දන විශේෂ ක්ෂේත්‍ර වැඩසටහනක්

    ජූලි 30, 2019

    සෞඛ්‍ය අමාත්‍යංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය ඩෙංගු මර්දනය පිළිබද ජනාධිපති කාර්යය සාධක බලකායත් සමග ඒකාබද්ධව ජූලි 31 සිට අගෝස්තු 02 දක්වා තෙදින ඩෙංගු මර්දන විශේෂ ක්ෂේත්‍ර වැඩසටහනක් අරඹයි.


    සෞඛ්‍ය අමාත්‍යංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය ඩෙංගු මර්දනය පිළිබද ජනාධිපති කාර්යය සාධක බලකායත් සමග ඒකාබද්ධව ජූලි 31 සිට අගෝස්තු 02 දක්වා තෙදින ඩෙංගු මර්දන විශේෂ ක්ෂේත්‍ර වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලබයි.


    කොළඹ, ගම්පහ, කළුතර, මාතර හා හම්බත්තොට දිස්ත්‍රික්ක වල වැඩි අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශ 40ක් ආවරණය වන පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ. මේ සදහා ප්‍රජා සෞඛ්‍ය කණ්ඩායම් වලට අමතරව ශ්‍රී ලංකා පොලීසිය, ක්ෂේත්‍ර නිලධාරීන්, ස්වෙච්ඡා සංවිධාන හා ප්‍රජාව සිය සහභාගීත්වය ලබාදේ.

    එළඹෙන අ.පො.ස. (උසස් පෙළ) විභාගය පැවැත්වෙන දිවයිනේ සියලු විභාග මධ්‍යස්ථාන හා විභාග සම්බන්ධීකරණ මධ්‍යස්ථාන ආවරණය කරමින් අගෝස්තු 02,03 හා 04 යන දිනයන්හිදී ධූමායන හා පාසල් පරීක්ෂා කිරීමේ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක වේ.


    සක්‍රීයව පවතින නිරිත දිග මෝසම් වර්ෂා තත්ත්වයත් සමග දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක ඩෙංගු රෝගීන් වාර්තා වීමේ ඉහල යාමක් මේ දින වලදී පෙන්නුම් කරයි. පරිසරය තුළ වැසි ජලය රැදී පැවතිය හැකි ස්ථාන බහුලව පැවතීමත්, කඩින් කඩ ඇති වන වැස්සත් සමග මේවායේ මදුරුවන් බෝවීම ඉහළ යාමත් මේ සදහා හේතු වේ.


    ජලය රැදිය හැකි ඉවතලන අයිතම, තාවකාලිකව ඉවතලන අයිතම, වැහිපීලි, කොන්ක්‍රීට් තට්ටු හා වතුර රැස් කරන කුඩා බැරල්වැනි භාජන මදුරුවන් බෝවන ප්‍රධාන ස්ථාන වේ. ආගමික ස්ථාන, කර්මාන්තශාලා, ඉදිකිරීම් පරිශ්‍ර, පාසල් හා රාජ්‍ය ආයතන මදුරුවන් බෝවන ප්‍රධාන ස්ථාන ලෙස හදුනාගෙන ඇත.


    ඕනෑම පරිශ්‍රයක ජලය රැදුණු ස්ථානයන්හි ඩෙංගු මදුරුවාට බෝවීමේ හැකියාව පවතින බැවින් මෙම තත්ත්වය පාලනය කිරීම සදහා මදුරුවන් බෝවන ස්ථාන පරිසරයෙන් ඉවත් කිරීම ප්‍රමුඛ කාර්යයක් වේ. මේ සදහා ප්‍රජා දායකත්වය ඉතා වැදගත් වන බැවින් පහත කරැණු කෙරෙහි දැඩි අවදානය යොමු කරන ලෙස ඩෙංගු මර්දන ඒකකය මහජනතාව වෙත අවධාරණය කර සිටී.

     

     අවම වශයෙන් සතියකට වරක්, විනාඩි 30ක් තම වටපිටාව ආශ්‍රිතව මදුරුවන් බෝ විය හැකි හෝ බෝවන ස්ථාන ඇත්දැයි සොයා බලා, එම ස්ථාන ඉවත් කිරීම.
     එසේ කල නොහැකි අවස්ථා වලදී (කොන්ක්‍රීට් තට්ටු ආදී), මදුරුවන් බෝ නොවන ලෙස පවත්වා ගැනීම. ඒ සදහා අවශ්‍ය තාක්ෂණික කරුණු හා සෞඛ්‍ය තොරතුරු ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකගෙන් හෝ වැඩි විස්තර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීගෙන් ලබාගැනීම.
     වැඩබිම්, ඉදිකිරීම් පරිශ්‍ර, කර්මාන්තශාලා වල අදාළ බලධාරීන් තම පරිශ්‍ර නිරතුරුව පරීක්ෂා කර (අවම වශයෙන් සතියකට වරක්) මදුරුවන් බෝ නොවන බවට තහවුරු කරගැනීම.
     විශාල ඉදිකිරීම් පරිශ්‍ර සදහා පළිබෝධනාශක රෙජිස්ටාර් විසින් නිර්දේශිත කීට නාශක හා නිවැරදි ධූමයන විදි භාවිත කිරීම හා ඒ සදහා පළිබෝධ පාලන ආයතනයක සේවය නිරතුරුව ලබාගැනීම.
     පාසල් තුළ හා ආශ්‍රිතවද, මදුරුවන් බෝවන ස්ථාන බහුල බැවින් සතියකට වරක් පාසල් පරීක්ෂා කර මදුරුවන් බෝ නොවන ලෙස පවත්වා ගැනීම හා ඒ සදහා වගකිව යුතු ගරු මහතකු/ මහත්මියක පත්කර ගැනීම.
     සියලු ආයතන වල සතියකට වරක් මදුරුවන් බෝවන ස්ථාන ඇත්දැයි පරීක්ෂා කිරීම හා ඒ සදහා වගකිව යුතු නිලධාරියෙකු පත්කිරීම.
     පන්සල් ඇතුළු සියලු ආගමික ස්ථාන කෙරෙහි බැතිමතුන්ගේ විශේෂ අවධානය යොමුකොට මදුරුවන් බෝ නොවන තත්ත්වයෙන් පවත්වා ගැනීම හා එම ස්ථාන වෙත තමන් රැගෙන එන ජලය එකතු විය හැකි දෑ (පොලිතින් කවර, භාජන, හිස් බෝතල් ආදිය) විදිමත් ලෙස ඉවත් කිරීම හෝ එසේ කල නොහැකි නම් නැවත රැගෙන ගොස් නිසි පරිදි බැහැර කිරීම.
     ඔබගේ පරිශ්‍රයට ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් පැමිණෙන නිරීක්ෂණ කණ්ඩායම් හා ධූමායන කණ්ඩායම් වෙත ඔබගේ පූර්ණ සහයෝගය ලබාදීම.

    ඩෙංගු මදුරුවා වඩාත් සක්‍රීය වනුයේ පෙරවරු 6.00 සිට 11.00 දක්වාත්, පස්වරු 3.00 සිට 7.00 දක්වාත් කාලය තුල බැවින් දිවා කාලයේ මදුරු දෂ්ටනය අවම කරගැනීම සදහා දිගු ඇදුම් ඇදීම, මදුරු විකර්ශකයක් සමෙහි ආලේප කිරීම වැනි ක්‍රම භාවිතා කල හැක.
    සොෆෙල් ක්‍රීම්, සොෆෙල් ඉසින, මොසෝ, මිනෝ 8 යන මදුරු විකර්ශක ගෘහස්ථ භාවිතය සදහා පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් කාර්යාලයේ ලියාපදිංචි වී අනුමැතිය ලබා ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya