අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අද මධ්‍යම රාත්‍රීයේ සිට උසස් පෙළ උපකාරක පන්ති තහනම් - විභාග දෙපාර්තමේන්තුව

    ජූලි 30, 2019

    මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා දේශන සම්මන්ත්‍රණ සහ උපකාරක පංති පැවැත්වීම අද(30) මධ්‍යම රාත්‍රීයේ සිට විභාගය අවසන් වන තෙක් තහනම් බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

    එමෙන් ම,පස්වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සඳහා සියලු උපකාරක පංති හා දේශන පැවැත්වීම හෙට මධ්‍යම රාත්‍රියේ සිට අවසන් වන බව විභාග දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
    ඒ අනුව එම විභාගවලට අදාළව කාලපරාසයන් තුළ විභාග අපේක්ෂකයින් සඳහා උපකාරක පංති සංවිධානය කිරීම, මෙහෙයවීම, විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ හා වැඩමුළු පැවැත්වීමට තහනම් වේ. ඊට අමතරව අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරිම, බෙදාහැරිම , විභාග ප්‍රශ්නපත්‍රවල ප්‍රශ්න ලබාදෙන බවට පෝස්ටර් බැනර් අත් පත්‍රිකා විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මඟින් ප්‍රසිද්ධ කිරීම හෝ එවැනි දෑ ළග තබාගැනීම තහනම් බවත්,යම් අයෙකු හෝ ආයතනයක් මෙම නියෝග නොසලකා කටයුතු කළහොත් ඔවුන් විභාග පනත යටතේ වරදකරුවන් වන බව ද විභාග දෙපාර්තමේන්තුව පවසයි. පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ලබන 04 වන දින පැවැත්වෙන අතර අධ්‍යපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ලබන 05 වන දින ආරම්භ වීමට නියමිතයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya