මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉදිරි පස් වසරක ආයෝජන ලබාගනිමින් රටේ සංවර්ධනය ඇතිකර, අතිරික්තයක් සහිත ආර්ථිකයක් බිහිකිරීම ඉලක්කයයි

    ජූලි 25, 2019

    ඉදිරි පස් වසරක කාලය තුළ ආයෝජන ලබාගනිමින් රටේ සංවර්ධනය ඇතිකර, අතිරික්තයක් සහිත ආර්ථිකයක් බිහිකිරීම අපගේ ඉලක්කයයි යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

    පාදුක්ක නාගරික ක්‍රීඩාංගනය සහ හංවැල්ල සති පොළ විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ අඳහස් පළ කළේ ය.

    ඉන් අනතුරුව කොස්ගම, මිරිස්වත්ත මුණ්ඩිගල ආරණ්‍ය සේනාසන ප්‍රවේශ මාර්ගයද විවෘත⁣කොට එම ආරණ්‍ය සේනාසනයේ විහාරාධිපති, මිල්ලෑවේ මහින්ද හිමිපාණන් වහන්සේ බැහැදැක අග්‍රාමාත්‍යවරයා ආශිර්වාද ලබාගත්තේ ය.

    අවිස්සාවේල්ල පොදු වෙළෙඳ සංකීර්ණයට මුල්ගල තැබීමෙන් අනතුරුව අවිස්සාවේල්ල නගරයේ පැවැති ජන හමුවට හමුවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරය මෙසේ ද පැවසීය.

    2015 වසරේ අප ආණ්ඩුව බලයට පත්වන විට ලංකාව ජාත්‍යන්තරයෙන් හුදෙකලා වී පැවැතුණා. ණය ආධාර ලබාගැනීමටවත් හැකියාවක් අපට නොතිබුණු අතර රට මත විශාල ණය බරක් පැටවී තිබුණා. අපි ක්‍රමානුකූලව මෙම අභියෝග ජය ගනිමින් ඉදිරියට පැමිණියා. ඒ අනුව මෙරට ණය ස්ථාවර භාවයක් ඇති කිරීමට අපට හැකි වුණා.

    ශ්‍රී ලංකාව සංවර්ධනය කරා ගෙනයා හැකි බවට විශ්වාසයක් ජනතාව තුළ ඇති කිරීමට පසුගිය වසර හතරක කාලය තුළ අප කටයුතු කළ අතර රටේ ණය ස්ථාවර භාවයක් පැවතියද එම විශාල ණය ප්‍රමාණය අනාගත පරපුරට ඉතිරි කිරීම අපට සිදුකළ නොහැකියි. එමනිසා ඉදිරි පස් වසරක කාලය තුළ ආයෝජන ලබාගනිමින් රටේ සංවර්ධනය ඇතිකර, අතිරික්තයක් සහිත ආර්ථිකයක් බිහිකිරීම අපගේ ඉලක්කයයි.

    එක්සත් ජාතික පක්‍ෂය ප්‍රමුඛව ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නමින් ලබන මස 05 වන දා නව සන්ධානයක් බිහිකර, රටේ අනාගතයට ගැලපෙන නව ප්‍රතිපත්ති පදනම් කර ගනිමින් මෙම නව පෙරමුණ යටතේ ඉදිරි මැතිවරණ සඳහා අප තරග කරනු ලබනවා. සන්ධාන ගතවන සියලූ දේශපාලන පක්‍ෂවල අනන්‍යතාව ආරක්‍ෂා කරගනිමින් බිහිකරන නව පෙරමුණ මගින් ඉදිරි වසර පහ තුළදී රට ඉදිරියට ගෙනයාම අපගේ අරමුණයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya