සැප්තැම්බර් 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "මහවැලිය - සංහිඳියාවේ ගංගාව" සහ "95න් පසු මහවැලි" ග්‍රන්ථ ද්විත්වය ජනගත කෙරේ

    ජූලි 24, 2019

    "මහවැලිය - සංහිඳියාවේ ගංගාව" සහ "95න් පසු මහවැලි" ග්‍රන්ථ ද්විත්වය ජනගත කිරීම ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (24) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි.

    කඳුරට, රජරට, උතුරු නැගෙනහිර මතු නොව අද වයඹත් සිය දියවරින් එක සේ තෙමාලමින් සුවහසක් සිංහල දෙමළ මුස්ලිම් ජනතාවගේ සා පවස නිවාලන මහා ගංගාවේ ගමන "මහවැලිය - සංහිඳියාවේ ගංගාව" ග්‍රන්ථය තුළ අන්තර්ගත අතර, සිහිනයක් ව පමණක් පැවති මහවැලියේ දුෂ්කර මහා උත්තම පරිච්ඡේදය මොරගහකන්ද කළුගඟ මහා ජලාශය ඇතුළු වියළි කලාපීය ජන ජීවිතයේ කදුළු පිස හළ මහා වාරි විස්මිතයේ කතාව "95න් පසු මහවැලි" ග්‍රන්ථයෙන් ප්‍රකාශයට පත් කර තිබේ.

    ජල කළමනාකරණයේ විශේෂඥයෙකු සහ 1976 සිට වරින් වර මහවැලියට එක්ව කටයුතු කළ ආචාර්ය එම්.යූ.ඒ. තෙන්නකෝන් මහතා මෙම උත්සවයේ ප්‍රධාන දේශනය සිදු කරන ලදී.

    ග්‍රන්ථ සම්පාදක මණ්ඩලයේ සභාපති, ශ්‍රී ලංකා පදනම් ආයතනයේ සභාපති, ජනාධිපති නීතිඥ සරත් කෝංගහගේ සහ ග්‍රන්ථ ද්විත්වයේ ප්‍රධාන සංස්කාරක කේ. ආරියතුංග යන මහත්වරුන් ඇතුළු සම්පාදක මණ්ඩලය විසින් මෙහිදී ග්‍රන්ථ ද්විත්වය ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.

    ගාමිණි ජයවික්‍රම පෙරේරා, පී. දයාරත්න, නිමල් සිරිපාලද සිල්වා, මහින්ද අමරවීර, වීරකුමාර දිසානායක, ශාන්ත බණ්ඩාර යන මහත්වරුන් ඇතුළු මහවැලියට සම්බන්ධව කටයුතු කරන සහ කළ මැති ඇමතිවරු රැසක් ද, ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක යන මහත්වරුන් සහ රාජ්‍ය නිලධාරින් විද්වතුන්, කලාකරුවන් විශ්වවිද්‍යාල සිසුන් සහ මහවැලි සහ පරිසර විෂයට සම්බන්ධ වෘත්තිකයින් ඇතුළු පිරිසක් උත්සවයට එක්ව සිටිය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya