අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "කිරෙන් සපිරි දැයක්" පාසල් සිසුන්ට දියර කිරි වේලක් ලබාදීමේ  ජාතික වැඩසටහන ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ

    ජූලි 24, 2019

    පාසල් දරුවන් වෙත දියර කිරි වේලක් ලබාදීමේ ජාතික වැඩසටහන ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් (23) පෙරවරුවේ රත්නපුර කජුවත්ත ශාස්ත්‍රෝදය විද්‍යාලයේ දී ආරම්භ කෙරිණි.

    2025 වන විට ශ්‍රී ලංකාවේ දියර කිරි නිෂ්පාදනය ඉහළ දැමීම හා ප්‍රාථමික අධ්‍යාපනය ලබන දරුවන්ගේ පෝෂණය ඉහළ නැංවිම යන අරමුණු පෙරදැරිව ජනාධිපතිතුමාගේ මඟපෙන්වීමෙන් ,කිරෙන් සපිරි දැයක්, තේමාව යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක වෙයි. ශ්‍රී ලංකාවේ දිළිඳුකම තුරන්කිරම උදෙසා ආරම්භ කළ ප්‍රමුඛ ව්‍යාපෘතියක් වන ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරය යටතේ වැඩසටහන ක්‍රියාත්මක වන අතර ජනාධිපති කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය සහ පශූ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය ඊට සහය දෙයි.


    පාසල්  දරු දැරියන් එක්දහස් පන්සීයක් පමණ පිරිසක් මේ සඳහා සහභාගී වී සිටි අතර මේ හා සමගාමීව කලවාන ප්‍රදේශයේ කිරි ගොවීන් සඳහා පහසුකම් රැසක් ලබා දීම ද ජනාධිපතිතුමා අතින් සංකේතවත් කෙරිණි.

     මාත්‍යවරුන් වන රාජිත සේනාරත්න, අකිල විරාජ් කාරියවසම්, පී. හැරිසන්, සබරගමුව පළාත් ආණ්ඩුකාර ධම්ම දිසානායක, දුනේෂ් ගන්කන්ද, අතුල කුමාර රාහුබද්ධ, භානු මනුප්‍රිය යන මහත්වරුන් ඇතුථ පළාතේ මහජන නියෝජිතයන් සහ රාජ්‍ය නිලධාරින් ද, විදුහල්පතිවරු, ගුරුවරු ඇතු`ථ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. 

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya