අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නීති විරෝධි ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් විසිදෙදෙනෙකු නාවික හමුදා අත් අඩංගුවට

    ජූලි 24, 2019

    නාවික හමුදාව විසින් විසින් ජූලි 22 වන දින ත්‍රිකුණාමලය, කල්ලඩිචේනෙයි ප්‍රදේශයේදී නීති විරෝධි ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් විසිදෙදෙනෙකු (22) නාවික හමුදා භාරයට ගෙන ඇත.

    ඒ අනුව, නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් කල්ලඩිචේනෙයි ප්‍රදේශයේ සිදු කළ සෝදිසි‍ මෙහෙයුමක් අතරතුරදි නීති විරෝධි දැල් භාවිතා කර මසුන් ඇල්ලීම හේතුවෙන් මෙම පුද්ගලයින් මෙලෙස නාවික හමුදා බාරයට ගෙන ඇත. එහිදී, ධීවර කටයුතු සඳහා යොදා ගත් ඩිංගි යාත්‍රා 05ක්, පිටත දහන යන්ත්‍ර 05 ක් සහ තහනම් දැල් 04 ක් නාවික හමුදා භාරයට ගෙන ඇති අතර, අත්අඩංගුවට පත් පුද්ගලයින් වයස අවුරුදු 20 ත් 44 ත් අතර වියෙහි පසුවන කින්නියා, ඊච්චලම්පත්තු සහ මූතුර් යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත.

    අත්අඩංගුවට ගත් පුද්ගලයින්, ධීවර යාත්‍රා, පිටත දහන යන්ත්‍ර, තහනම් දැල් සහ අනෙකුත් ධීවර ආම්පන්න ත්‍රිකුණාමලය, සහකාර ධීවර අධ්‍යක්‍ෂක කාර්යාලය වෙත භාරදිමට කටයුතු කෙරුණි.

     මෙවැනි තහනම් ධීවර දැල් භාවිතා කර මසුන් ඇල්ලීම හේතුවෙන් සාගර පරිසර පද්ධතිය විනාශ විමට ලක්වී ඇති බැවින්, ශ්‍රී ලංකාව වටා ඇති සාගර කලාපය තුල ඇති මත්ස්‍ය සම්පත මෙන්ම සාගර සම්පත සුරක්‍ෂිත කිරීම වෙනුවෙන් නාවික හමුදාව නිරන්තර මෙහෙයුම් ක්‍රියාත්මක කරන අතර, මෙවැනි නීති විරෝධී ක්‍රියාවන් මැඩපැවැත්විම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya