අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොළඹ වරාය නගරය ඉතාම වැදගත් ආර්ථික මධ්‍යස්ථානයක්-මහා පරිමාණ ව්‍යාපෘති ජාතික අභිලාෂයන් පාවා නොදී සිදු කරන තැනකට යා යුතුයි

    ජූලි 23, 2019

    කොළඹ වරාය නගරය ඉතාම වැදගත් ආර්ථික මධ්‍යස්ථානයක් බවත් ආදායම් එන්නට නම් රටක් හැටියට මෙවැනි මහා පරිමාණ ව්‍යාපෘති ජාතික අභිලාෂයන් පාවා නොදී සිදු කරන තැනකට යා යුතු බව  නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා පවසයි.

    නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කොළඹ වරාය නගරය කොළඹ පරිපාලන දිස්ත්‍රික්කයට එක්කරනු  ලබන පරිපාලන දිස්ත්‍රික් පනත යටතේ යෝජනාව සම්බන්ධයෙන් අද (23)පාර්ලිමේන්තුවේ පැවැති විවාදයට  එක්වෙමිනි.

    මෙය ඉතාමත් ම වැදගත් ඓතිහාසික යෝජනාවක්. සාගරය නන් ආකරයෙන් ජය ගැනීම අපගේ ජාතික  සිහිනයක්.ජාතික අභිලාෂයක්.අපට මුහුද වවාගන්න සිදු වී තිබෙනවා. ධනය තිබෙන රටවල් මුහුද ගොඩකරන  භාවිතාවකට ගිහින් තිබෙනවා. මේ කටයුත්ත ඓතිහාසික කටයුත්තක්.මේ ගෙන එන නීතියත් ඓතිහාසික නීතියක්.

    එදා ඇතිකරගත් වරාය නගර ගිවිසුමේ ප්‍රශ්නයක් තිබුණා.ඒ නිසයි එයට විරෝධතා ආවේ. එද ගිවිසුමේ  හෙක්ටයාර් 20 කෙළින් ම සින්නක්කර දීම සඳහන් කර තිබුණා. නව පරිසර වාර්තාව අනුවයි ගොඩකිරීම සිදු  කළේ. අපි ස්ථානයකට ඇවිත් තිබෙනවා. වරාය නගරයේ වැදගත්කම දැන් අපි බලන්න ඕන. මෙය ඉතාම වැදගත්  ආර්ථික මධ්‍යස්ථානයක්. ඩොලර් මිලියන විසිදහසක විතර ආයෝජනයක් ලැබුණොත් අපේ රටේ ජාතික ආදායම ඒකපුද්ගල ආදායම ඩොලර් 1000කින් පමණ ඉහළ යයි කියලා, විශ්වාස කරනවා.ආදායම් එන්න නම් මහාපරිමාණ  ව්‍යාපෘති ජාතික අභිලාෂයන් පාවා නොදෙන තැනකට යන්නට අපි කටයුතු කරන්න වෙනවා යැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya