අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හදිසි අපදා අනතුරු වළක්වා ගැනීමට ක්‍රියාකාරී සැළැස්මක්

    ජූලි 23, 2019

    තද සුළං සහ දැඩි වර්ෂාව පවතින දින වල ගස් හා ගස්වල අතු කඩා වැටීමෙන් සිදුවන අනතුරු වළක්වා ගැනීම සඳහා පළාත් පාලන ආයතන ද සම්බන්ධ කරගෙන ක්‍රියාකාරී සැළැස්මක් සකස් කිරීම පිලිබඳ සාකච්ඡාවක් අපදා කළමනාකරණ අමාත්‍යංශයේ අපදා කළමනාකරණ අංශයේ මෙහෙය වීමෙන් අද (23) එම අංශයේ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

    නිරිත දිග මෝසම් වර්ෂාව හේතුවෙන් ඇතිවිය හැකි ආපදාවන් හා කොළඹ නාගරික හා තදාසන්න ප්‍රදේශ වල ඇති වී තිබෙන මුහුද ගොඩගැලීම්, ගංවතුර හා නායයාම් වල දී ගතහැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් විශේෂයෙන් සාකච්ඡා වී ඇත.

    අපදා කළමනාකරණ අමාත්‍යංශයේ අතිරේක ලේකම් (පාලන) එම්.සී. එල්. ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවට අපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ත්‍රිවිධ හමුදා වල සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ, ගිනි නිවන හමුදාවේ හා විදුලි බල මණ්ඩලයේ නිලධාරීහු ද සහභාගී වූහ.

    කොළඹ හා තදාසන්න ප්‍රදේශ වල මාර්ග අසල තිබෙන ගස් හා ගස් වල අතු කපා දැමීමෙන් අනතුරු අවම කරගත හැකිබව ද මෙහි දී සාකච්ඡා වී තිබේ.

    පළාත් පාලන ආයතන වල ප්‍රධානීන් සමඟ ද සාකච්ඡා කොට නීතිමය අංශ ද සළකා බලා මේ සඳහා ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීමට මෙම සකඡාවේ දී තීරණය වී ඇත. පසුගිය දිනවල සිදු වූ අපදා හේතුවෙන් විපතට පත් අය සඳහා රජය විසින් රුපියල් මිලියන 29 ක මුදලක් මේ වන විට වන්දි වශයෙන් ගෙවා තිබෙන බව ද මෙහි දී හෙළි විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya