අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රට තුළට පැමිණෙන නීති විරෝධී මත්ද්‍රව්‍ය පාලනයට නාවික හමුදාවෙන් පුළුල් වැඩපිළිවෙලක්

    ජූලි 23, 2019

    රට තුළට පැමිණෙන නීති විරෝධී මත්ද්‍රව්‍ය පාලනයට සහ භාවිතයට ඇති ඉල්ලුම අවම කිරීමට පුළුල් ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති අතර, දිවයින පුරා කල මත් ද්‍රව්‍ය වැටලීම් වලින් හෙරොයින් කිලෝ ග්රෑම් 450කට අධික ප්‍රමාණයක්ද ,කේරළ ගංජා කිලෝ 2100කට ආසන්න ප්‍රමාණයක්ද අත් අඩංගුවට ගැනීමට නාවික හමුදාවට හැකි වී ඇතැයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා පැවසීය.

    ඒ මහතා මේ බව පැවසුවේ අද(23) කොළඹ ආරක්ෂක අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිණි.

    මෙම වසර තුලදී බීඩි කොළ ටොන් 24 කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට හැකි වූ අතර එමගින් රටට අහිමි වීමට ගිය රුපියල් මිලියන28කට වැඩි බදු ප්‍රමාණයක් බේරා ගැනීමට නාවික හමුදාවට හැකි වී ඇත. රට තුළට එන මත්ද්‍රව්‍ය පාලනය කර, නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් නීතියේ රැහැනට හසු කර ගනිමින් මෙරටින් මත්ද්‍රව්‍ය තුරන් කිරීම උදෙසා නාවික හමුදාව සිය මෙහෙයුම් ක්‍රියාකාරිත්වය පුළුල් කර ඇති අතර දිවයින පුරා වැඩසටහන් 600කට අධික ප්‍රමාණයක් මේ වන විටත් ක්‍රියාත්මක කර ඇත.

    තවද රට තුළ පුපුරණ ද්‍රව්‍ය භාවිතය තහනම් කර තිබුණද ඩයිනමයිට් වැනි පුපුරණ ද්‍රව්‍යය ඇතැම් පුද්ගලයන් මසුන් මැරීම සඳහා යොදා ගන්නා බවත් එවැනි පුද්ගලයන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග තුළින් නීතිය ක්‍රියාත්මක කරන බවත් පැවසූ මාධ්‍ය ප්‍රකාශක වරයා, මෙවැනි නීතිවිරෝධී ක්‍රියා වල නිරත වන්නන් පිළිබඳව නාවික හමුදාව දැනුවත් කරන ලෙසද ඉල්ලා සිටියේය.

    ශ්‍රී ලංකා නාවික හමුදාව, ඉංජිනේරු තාක්ෂණය ප්‍රයෝජනයට ගනිමින් අන්තර්ජාතික ප්‍රමිතිකරණයන් සහිත යාත්‍රා නිපද වූ අතර ඉදිරියේදී රටට අවශ්‍ය ඇතැම් යාත්‍රා නාවික හමුදාවේ නිෂ්පාදනාගාර තුළම නිපදවා ගැනීමේ වැඩපිළිවෙලක්ද ඉදිරියේදී ක්‍රියාවට නංවන බව මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya