අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ''කොළඹ වරාය නගරය'' කොළඹ පරිපාලන දිස්ත්‍රික්කයට එක්කරනු ලබන පරිපාලන දිස්ත්‍රික් පනත යටතේ යෝජනාව විවාදයට

    ජූලි 23, 2019

    කොළඹ වරාය නගරය කොළඹ පරිපාලන දිස්ත්‍රික්කයට එක්කරනු ලබන පරිපාලන දිස්ත්‍රික් පනත යටතේ යෝජනාව අද (23) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනිණි.

    විවාදය සඳහා යෝජනාව ගෙනාවේ, අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා විසිනි.

    ''වරාය නගරය කොළඹ''යනුවෙන් හඳුන්වනු ලබන ගොඩකරනු ලැබූ භූමි ප්‍රදේශය කොළඹ පරිපාලන බලප්‍රදේශයට හා කොළඹ පරිපාලන කොළඹ ප්‍රදේශීය කොට්ඨාශයට එක් කරනු ලැබීම සඳහා මෙම යෝජනාව පාර්ලිමේන්තුවේ දී විවාද කොට සම්මත කරගැනේ.

    විවාදයේ දී අඳහස් දැක්වූ අමාත්‍ය වජිර අබේවර්ධන මහතා සඳහන් කළේ, මෙවැනි යෝජනාවක් ඉතිහාසයේ පළමු වරට ගෙන එන බවත් මෙය ඓතිහාසික යෝජනාවක් බවත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya