අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහබැංකුවේ ස්වාධීනත්වය තවදුරටත් ආරක්ෂා කිරීමට අලුත් පනතක් ගෙන එනවා- මුදල් රාජ්‍ය අමාත්‍ය

    ජූලි 23, 2019

    මහබැංකුවේ ස්වාධීනත්වය තවදුරටත් ආරක්ෂා කිරීමට අලුත් පනතක් ගෙන ඒමට බලාපොරොත්තු වන බව  මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරන් වික්‍රමරත්න මහතා පවසයි.

    මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව අද (23) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ් කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධහේරත් මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

    එහිදී මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේ රටේ ආර්ථිකය මෙන් ම බැංකු පද්ධතිය කඩා වැටි තිබෙන බවය. එමෙන් ම  මූල්‍ය සමාගම්වල තැම්පත්කරුවන්ගේ මුදල් ගෙවීම් සම්බන්ධයෙන් ගැටළු පවතින බවද මන්ත්‍රීවරයා පවසා  සිටියේ ය.

    එහිදී පිළිතුරු දුන් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ රටේ ආර්ථිකය කඩ වැටී නොමැති බවය.පෞද්ගලික  ව්‍යාපාර,මූල්‍ය ආයතනවල කඩා වැටීම් සම්බන්ධයෙන් ආණ්ඩුවට චෝදනා කළ නොහැකි බව කී අමාත්‍යවරයා,මේ  මූල්‍ය ආයතන කඩා වැටුනේ පසුගිය කාලයේ බවද පවසා සිටියේ ය.

    මූල්‍ය ආයතනවල මුදල් තැම්පත් කිරීම පෞද්ගලික කැමැත්ත මත සිදුවන දෙයක් බව පෙන්වා දුන් මුදල් රාජ්‍ය  අමාත්‍යවරයා, ඊටී අයි සමාෆ්ගමට ආයෝජකයින් ගෙනැල්ලා තිබෙන්නේ මහබැංකුව හරහා. ඩොලර් මිලියන 70ක්  ආයෝජනය කරලා තැම්පත්කරුවන්ගේන් සියයාට් 30%ක් ගෙවා තිබෙන්නේ.ඉතුරු ටික ගෙවන්න හැකියාවක්  තිබෙන්න ඕන. බදු ගෙවන අයගේ මුදල්වලින් ද ගෙවන්න කියන්නේ? අලුත් ආයෝජකයෙක් ගැන මහබැංකුව සාකච්ඡා කරමින් සිටිනවා යැයි ද පැවසීය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya