අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික සමථ දින සැමරුම අධිකරණ ඇමති ප්‍රධානත්වයෙන් 25 වැනිදා - දිස්ත්‍රික් සමථ දින උත්සවය 26 වැනිදා රත්නපුරේ දී

    ජූලි 23, 2019

    2019 වසරේ ජාතික සමථ දින සැමරුම් උත්සවය අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මියගේ ප්‍රධානත්වයෙන් ජූලි 25 දින පෙරවරු 9.00 ට බත්තරමුල්ල වොටර්ස් ඒජ් හිදී පැවැත්වෙයි.

    මෙම අවස්ථාව සඳහා සමථ මණ්ඩල සභාපතිවරුන් සමථකරුවන් ඇතුළු 500 ක් පමණ සහභාගි වීමට නියමිතය.


    ජාතික සමථ දින සැමරුම් රත්නපුර දිස්ත්‍රික් උත්සවය 2019.07.26 දින අධිකරණ අමාත්‍යතුමියගේ ප්‍රධානත්වයෙන් රත්නපුර කේතුමතී ශාලාවේදී පැවැත් වෙයි. සමථකරණයේ ඉතිහාසය රාජාණ්ඩු යුගය දක්වා දිව යයි . රාජාණ්ඩු යුගය තුළ වරිග සබා මගින් සුළු ආරවුල් නිරාකරණය කර ඇති අතර ඉන් අනතුරුව ඉංග්‍රිසි පාලන සමයේදී ගම් සභා ක්‍රමය ස්ථාපිත කර ඇත.එම ගම් සභාව උසාවියක් බවට පත් කිරීම 1945 දී සිදු විය.


    සුළු ආරවුල් නිරවුල් කිරීමත් උසාවි තදබදය අඩු කිරිමටත් වඩා සාධාරණ සේවාවක් ඉටු කිරීමත් පාදක කර ගෙන සමගි මණ්ඩල ආරම්භ කර තිබේ.පසුව 1977 දී වසර 19 ක් ක්‍රියාත්මක වු සමගි මණ්ඩල අහෝසි කර 1978 අංක 02 දරණ පවුල් උසාවි පිහිටුවා ඇත. මේ සියලු ක්‍රමවේදයන්ගේ දුර්වලතා මග හැරීම සදහා 1988 අංක 72 දරණ සමථ මණ්ඩල පනත මගින් සමථ මණ්ඩල ක්‍රමය ස්ථාපිත කිරීම සිදු විය.

    වර්තමානය වන විට මුළු දිවයිනම ආවරණය වන පරිදි සමථ මණ්ඩල 332 ක් ස්ථාපිත කර ඇති අතර, 1990 ජූලි 18 වන දිනෙන් ආරම්භව වසර 29 ක් පුරාවට සමථ මණ්ඩල ක්‍රමය සාර්ථකව ක්‍රියාත්මක වෙයි.

    දෙපාර්ශ්වයක් අතර ඇති වන ආරවුලක් දුර දිග නොයා තෙවන පාර්ශ්වයක් මැදිහත් වීමෙන් සහ මන්ත්‍රණ ක්‍රියාවලියක් තුළින් නැවත එවන් ආරවුලක් ඇති නොවන මට්ටමට විද්‍යුනුකූල පදනමකින් නිරවුල් කිරීමකට එළඹීමට යොදා ගන්නා ඵලදායි ක්‍රමවේදයක් ලෙසින් සමථකරණය හැදින්විය හැකිය.
    ප්‍රධාන සමථ උත්සවයට අමතරව ජූලි 18 වන දිනෙන් ආරම්භ වන සතිය පුරාවටම සියලු දිස්ත්‍රික් ආවරණය කරමින් දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සමථ මූල මණ්ඩල සභාපතිවරුන්ගේ සහභාගිත්වයෙන් දැනුවත් කිරීම් ඇතුළු වැඩ සටහන් මාලාවක් දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට සමථ මණ්ඩල කොමිෂන් සභාව කටයුතු යොදා ඇත.

    ශ්‍රී ලංකාව මෙන්ම වෙනත් බොහෝ රටවල ද ගැටුම් ආරවුල් විසදා ගැනීමට භාවිතා කරන ප්‍රධාන ක්‍රමවේදය වන අධිකරණ ක්‍රමවේදය තුළ පුද්ගලයා මුහුණ දෙන අභියෝග අපහසුතා රැසකට විසදුමක් මෙන්ම ගැටුම් නිරාකරණයට ඇති එකම විසදුම උසාවි ක්‍රමය ලෙසින් සළකනු ලබන සාම්ප්‍රදායික මතයට විකල්පයක් ලෙසින් භාවිතා කළ හැකි කාර්යක්ෂම හා ඵලදායී ක්‍රමවේදයක් ලෙසින් සමථකරණය සමාජගත කිරිමට හැකියාව මෙම දැනුවත් කිරීම් තුළින් ලැබෙන බව සමථ මණ්ඩල කොමිෂන් සභාව පවසයි.

    අධිකරණ ක්‍රියාවලිය පහසු කිරීමේ අරමුණින් අධිකරණ වෙත ඉදිරිපත් වන සුළු ආරවුල් නිරවුල් කිරීමේ විකල්ප ක්‍රමවේදයක් ලෙස සමථකරණ ක්‍රියාවලිය බල ගැන්වීම සමථ මණ්ඩල ස්ථාපිත කිරිමේ මුලික අරමුණ වෙයි.
    සමථකරණ ක්‍රියාවලිය මගින් පාර්ශ්වයන් දෙකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් අතර ඇති වන ආරවුල් විසදා ගැනීම සදහා තුන්වන පාර්ශ්වයක් ලෙස සමථකරු කටයුතු කරනු ලබයි. සෑම වසරකදීම ලක්ෂ 3 කට ආසන්න ආරවුල් ප්‍රමාණයක් සමථ මණ්ඩල වෙත යොමු වන අතර ඉන් සියයට 65 කට වැඩි ප්‍රතිශතයක් සමථයකට පත් කරයි.


    2018 වසරේ ජනවාරි 01 දින සිට එම වසරේ දෙසැම්බර් 31 දක්වා කාලය තුළ ආරවුල් පිළිබදව පැමිණිලි 248,805 ක් සමථ මණ්ඩල වෙත ලැබී ඇති අතර එම කාලය තුළ ආරවුල් 83867 ක් නිරවුල් කර තිබේ.අදාළ කාලය තුළ ආරවුල් 124,668 ක් සාකච්ඡා කර තිබෙන අතර ආරවුල් විසදීමේ ප්‍රතිශතය සියයට 67 කි.

    2019 වර්ෂයේ ආරම්භය වන විට ආරවුල් 29074 ක් විසදීමට ඉතිරිව තිබු අතර මෙම වසරේ ජනවාරි මස 01 සිට 2019.06.30 දක්වා කාලය තුළ ආරවුල් පිළිබදව පැමිණිලි 73644 ක් ලැබී තිබේ. මෙම වසරේ ජනවාරි 01 සිට ජුනි 30 දක්වා කාලය තුළ ආරවුල් 33730ක් සාකච්ඡා කර තිබේ.එම කාලය තුළ නිරවුල් කළ ආරවුල් සංඛ්‍යාව 22478 කි.

    සමථ මණ්ඩල කොමිෂන් සභාවට වසර තුනක ධුර කාලයක් සදහා සාමාජිකයින් පස් දෙනෙකුගෙන් සමන්විත සමථ මණ්ඩල කොමිෂන් සභාවක් ජනාධිපතිතුමා විසින් පත් කරයි. 2003 අංක 21 දරණ සමථ මණ්ඩල (විශේෂ වර්ගවල ආරවුල් ) පනත යටතේ ඉඩම් ආරවුල් පිළිබද සමථ මණ්ඩල 05 ක් යාපනය ,අනුරාධපුරය ,ත්‍රිකුණාමලය, මඩකලපුව හා කිලිනොච්චිය යන දිස්ත්‍රික්කවල ස්ථාපිත කර තිබේ.


    2005 වර්ෂයේදී පාසල් සමථ ඒකක පිහිටුවීමේ වැඩ සටහන අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය සහිතව ආරම්භ කර ඇති අතර ඒ අනුව දිවයින පුරා පාසල් ගණනාවකම පාසල් සමථ ඒකක සක්‍රීයව ක්‍රියාත්මක වෙයි. එමගින් පාසල් සිසුන් අතර ඇතිවන සුළු ආරවුල් නිරවුල් කිරීමක් සිදු වන අතර එය පාසලේ විනය මණ්ඩලයට මෙන්ම විදුහල්පතිවරුන්ට ද පහසුවක් බවට පත්ව තිබේ. 2018 වර්ෂයේදී ජනාධිපති කාර්යාලය මගින් ක්‍රියාත්මක දරුවන් සුරකිමු ජාතික වැඩ පිළිවෙළ යටතේ ‘’අපේ ආරවුල් අපිම විසදමු’’ පාසල් සමථ ඒකක ක්‍රියාත්මක කිරීමේ වැඩ සටහන දිවයින පුරා පාසල් 87 ක සාර්ථකව ක්‍රියාත්මක වෙයි.


    එහි දෙවන අදියර ලෙසින් මෙම වර්ෂය තුළ පාසල් 100 ක පාසල් සමථ ඒකක ක්‍රියාත්මක කිරිමට නියමිතය. සමථ දින ජාතික සැමරුම් උත්සවය සඳහා අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් ආර්.එම්.ඩී.බී.මීගස්මුල්ල මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන්, සමථ මණ්ඩල කොමිෂන් සභාවේ සභාපති විනිසුරු හෙක්ටර් එස්.යාපා මහතා ඇතුළු කොමිෂන් සභා නිලධාරීන් හා සමථ මණ්ඩල සභාපතිවරුන්, හා සමථකරුවන් සහභාගිවීමට නියමිතයි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya