අගෝස්තු 24, 2019
tami eng youtube  twitter facebook

    දුම්රිය දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

    ජූලි 21, 2019

    මරදාන දුම්රිය ස්ථානයේ සිට දිනපතා මාතර දුම්රිය ස්ථානය දක්වා ධාවනය වන අංක 8058 දරණ රුහුණු කුමාරී සීඝ්‍රගාමී දුම්රිය අගෝස්තු මස 01 දින සිට හබරාදුව දුම්රිය ස්ථානයේ නොනවත්වා ධාවනය කරනු ලබන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    සති අන්තයේ (සෙනසුරාද හා ඉරිදා)මරදාන දුම්රිය ස්ථානයේ පෙ.ව 6.05ට මාතර දක්වා ධාවනය වන අංක 8060 දරණ සීඝ්‍රගාම් දුම්රිය හා මාතරින් ප.ව 4.25ට මරදාන දක්වා ධාවනය වන අංක 8061 දරණ සීඝ්‍රගාමී දම්රියන් 2019.08.01 දින සිට හබරාදූව දුම්රිය ස්ථානයේ නොනවත්වා ධාවනය කරනු ලැබේ.

    තවද සති අන්තයේ මරදාන දුම්රිය ස්ථානයෙන් පෙතව 6.05ට මාතර දක්වා ධාවනය වන අංක 8060 දරණ සීඝ්‍රගාමී දුම්රිය 2019.08.01 සිට අහංගම දුම්රිය ස්ථානයේ නතර කර ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් දන්වා තිබේ.

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya