අගෝස්තු 24, 2019
tami eng youtube  twitter facebook

    පාසල් සිසු දරුදැරියන්ට කිරි වේලක් ලබා දීම ලබන සතියේ කලවානෙන් ඇරඹේ

    ජූලි 20, 2019

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කොට ඇති ග්‍රාම ශක්ති වැඩ සටහන යටතේ දිවයිනේ පාසල් සිසුන්ට කිරි වේලක් ලබා දීමේ ව්‍යාපෘතිය ලබන සතියේ සිට ආරම්භ කෙරේ.

    මෙහි මුල් වසරේ දී කණිෂ්ඨ පාසල් 950 ක 1 වසරේ සිට 05 වසර දක්වා පන්ති වල ඉගෙනුම ලබන සිසු දරුවන්ට ලක්ෂ 04 කට මිලිලීටර 150 ක කිරිපකට්ටුවක් බැඟින් ලබා දෙන බව ජනාධිපති උපදේශක නීතිඥ ශිරාල් ලක්තිලක මහතා රජයේ ප්‍රවෘත්ති
    දෙපාර්තමේන්තුවේ දී (19) පැවති මාධ්‍ය හමුවේ දී පැවසීය.

    පාසල් දරුවන්ට කිරි වේලක් ලබා දීමේ වැඩ සටහනේ සමාරම්භක උත්සවය ලබන ජූලි 25 වන කලවානේ කජුගහවත්ත ශාස්ත්‍රෝදය විද්‍යාලය පාසලේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වේ.
    මෙහි දී කලාවන ප්‍රදේශයේ පාසල් 13 ක සිසුන් 1500 කට ජනාධිපතිතුමා අතින් කිරි බෙදාදීම සිදු කිරීමට නියමිතයි. පාසල් දරුවන් මන්ද පෝෂණයෙන් ගලවා ගැනීම හා ගම්බද කිරි ගොවීන්ගේ අදායම් වර්ධනය කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ බව ද ශිරාල් ලක්තිලක මහතා මෙහි දී කිය.

    ශ්‍රී ලංකාවේ දියර කිරි නිෂ්පාදනය ඉහල නැංවීම සඳහා කිරි එකතු කිරීමේ මධ්‍යස්ථාන හා ශීතාගාර ආරම්භ කිරීම සහ කිරි ගොවීන්ට ඔවුන් සපයන කිරි වෙනුවෙන් සාධාරණ මිලක් ලබාදීම ග්‍රාම ශක්ති වැඩසටහනේ අරමුණක් බව ද ඒ මහතා සඳහන් කළේය. පාසල් සිසුන්ට දියර කිරි ලබා දීමේ වැඩසටහන අධ්‍යාපන අමාත්‍යංශය, මිල්කෝ ආයතනය සහ කාර්ගීල්ස් සමගම සමඟ එක්ව ක්‍රියාත්මක කෙරේ. පාසල් තුල එකතුවන හිස් කිරි පැකට් එක් කොට ප්‍රතිචක්‍රීය කිරීම සඳහා අලෙවි කිරීමේ වැඩපිළිවෙලක් ද සකසා ඇති මෙම මාධ්‍ය හමුවට එක්ව අධ්‍යාපන අමාත්‍යංශයේ අධ්‍යක්ෂික රේණුකා පීරිස් පැවසුවාය.

    කෘෂිකර්ම අමාත්‍යංශය සැලසුම් අධ්‍යක්ෂ වෛද්‍ය නිරෝෂන් ගමගේ සහ ග්‍රාම ශක්ති අධ්‍යක්ෂ ජනරාල් චම්පික කළුආරච්චි යන මහත්වරුද මෙම මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූහ.

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya