අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මධ්‍යම පළාතට - පළාත් හැඳුනුම්පත් කාර්යාලයක්

    ජූලි 20, 2019

    විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ව්‍යාපෘතියේ මූල්‍ය ප්‍රතිපාදන මත පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ මධ්‍යම පළාත් කාර්යාලය ඉදිකිරීම සඳහා නුවරඑළිය හාවාඑළිය ලේඩි මැක්ලම් ඩ්‍රයිව් හි දී මුල්ගල තැබීම පසුගිය දා වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

    පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සේවාවන් විමධ්‍යගත කිරීමේ මෙම වැඩසටහන යටතේ වයඹ පළාත් කාර්යාලය කුරුණෑගල ද,නැඟෙනහිර පළාත් කාර්යාලය මඩකලපුවේද , උතුරු පළාත් කාර්යාලය වවුනියාවේ ද පිහිටුවා මේ වන විට ඉතා සාර්ථකව මහජන සේවාවන් සපයමින් සිටින අතර ගාල්ලේ ඉදි කළ දකුණු පළාත් කාර්යාලය ද නුදුරේදීම ජනතා අයිතියට පත් කිරීමට නියමිතය.

    එමෙන්ම මෙලෙස ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන මධ්‍යම පළාත් කාර්යාලය ද 2020 වසර අවසානය වන විට නිම කර ජනතා අයිතියට පත් කිරීමටත්, එමඟින් මධ්‍යම පළාතේ මහජනතාවට ද ඉතා පහසුවෙන් තම ඉල්ලුම්පත් භාරදීම, හැඳුනුම්පත ලබා ගැනීම සඳහා යොමු කරන ලද ඉල්ලුම්පත් පිළිබඳ විමසීම මෙන්ම ජාතික හැඳුනුම්පත සම්බන්ධයෙන් මතු වන විවිධ ගැටලු විසඳා ගැනීම යනාදී සේවා අවශ්‍යතාවයන් ඉටු කර ගැනීමට හැකි වනු ඇත.

    මෙම අවස්ථාවට නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රි කේ.කේ. පියදාස, පාර්ලිමේන්තු මන්ත්‍රි එම් තිලකරාජ්,මහත්වරු ප්‍රමුඛ මහජන නියෝජිතයින්, මෙන්ම පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් පී.වියානි ගුණතිලක , දිස්ත්‍රික් ලේකම් එම්. බී. ආර්. පුෂ්පකුමාර මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටිහ.

    DMU/Nuwara Eliya

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya