අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රණවිරුවන් උදෙසා නිවාස ලබා දීමේ වැඩසටහන ජනපති ප්‍රධානත්වයෙන්- ආරක්ෂක ලේකම්

    ජූලි 19, 2019

    ආරක්ෂක අරමුදලේ ප්‍රතිපාදන මගින් රට රැකීමේ රාජකාරිවල නියුතු වූ ත්‍රිවිධ හමුදාව,පොලීසිය සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ මිය ගිය හා ආබාධිත තත්ත්වයට පත් රණවිරුවන් උදෙසා නිවාස ලබා දීමේ වැඩසටහනක් ජූලි මස 22 වන දින සවස 4.00ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇතැයි ආරක්ෂක ලේකම් එස්.එච්.එස්. කොට්ටෙගොඩ මහතා අද (19) කොළඹ දී ප්‍රකාශ කළේය.

    ආරක්ෂක අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මෙලෙස පැවසූ ආරක්ෂක ලේකම්වරයා , මෙම වැඩපිළිවෙල යටතේ රණවිරුවන් 1504 කට, ප්‍රතිලාභ ලබා දීමට නියමිත අතර පූර්ණ වශයෙන් ඉදි කළ නිවාස 25ක් සහ අඩක් නිම කළ නිවාස 925ක් සඳහා ජනපති අතින් පරිත්‍යාග ලබා දීමට නියමිත බව පැවසීය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ආරක්ෂක ලේකම්වරයා පැවසුවේ රණවිරුවන්ගේ ශුභසාධන කටයුතු නියමාකාරයෙන් සිදුවන බවද ඒ සඳහා විවිධ පාර්ශව රැසකගේ සහය ලැබෙන බවත් 2010 වසරේ සිට මේ දක්වා පූර්ණ වශයෙන් ඉදි කල නිවාස 2917ක්ද අර්ධ නිවාස 4497ක්ද වශයෙන් මුළු නිවාස 7404ක් රණවිරුවන්ට ලබා දී ඇති බවද කීය.

    මෙම වැඩසටහනට සමගාමීව සත්විරු අභිමන් නමින් රණවිරු පවුල්වල දරුවන් සඳහා ශිෂ්‍යත්ව ප්‍රධානය කෙරෙන අතර මේ සඳහා පෞද්ගලික බැංකුවක් වන ඪ්FCC බැංකුවෙන් රුපියල් මිලියන 7500000 ක ප්‍රදානයක් ආරක්ෂක ලේකම් වෙත පිරිනැමිනි.

     මෙම අවස්ථාවට අතිරේක ආරක්ෂක ලේකම් ඩබ්.ඒ.කුලසූරිය,ත්‍රිවිධ හමුදාපතිවරු සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ රියාද් අද්මිරාල් ඩී.සී.ගුණවර්ධන යන මහත්වරු එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya