අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බැටිකලෝ කැම්පස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් අවශ්‍යයි

    ජූලි 19, 2019

    බැටිකලෝ කැම්පස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් අවශ්‍යයි - ආංශික අධික්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා පවසයි.

    බැටිකලෝ කැම්පස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය සම්බන්ධයෙන් අධ්‍යාපනය හා මානව සම්පත් ආශික අධික්ෂණ කාරක සභාවේ වාර්තාව පසුගිය මස 21 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර ඒ සම්බනධයෙන් පාර්ලිමේන්තු විවාදයක් අවශ්‍ය බවත්,මේ වාර්තාව සම්බන්ධයෙන් කරුණු 15ක් දක්වා ඇති අතර ඒ සම්බන්ධයෙන් වෝහාරික විගණනයක් සිදු කරන ලෙස තමා අධ්‍යාපනය හා මානව සම්පත් ආශික අධික්ෂණ කාරක සභාවේ සභාපති ලෙසින් ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා අද (19) අරලිය ගහ මන්දිරයේ දි පැවැති මාධ්‍ය හමුවක දි පැවසිය.

    වැඩි දුරටත් අදහස් දැක් වු ඒ මහතා පැවසුවේ, මෙම ආයතනය සම්බන්ධයෙන් රටේ නීතිය උල්ලංඝණය වි ඇති බවයි.කෙසේ වුවද මෙය වැරදි ලෙසින් අර්ථකතනයක් නො ගන්නා ලෙසත්, මෙය සමස්ත මුස්ලිම් ජනතාවට විරුද්ධව සිදු කරන ක්‍රියාවක් නොවන බවත් පැවසිය.

    මේ සම්බන්ධයෙන් සියලුම දේ සොයා බලා අදාළ කාරණා පරික්ෂා කර බලා අවසන් වාර්තාවකට පැමිණෙන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත්.එසේම ආශික අධික්ෂණ කාරකසභාව නිර්පාර්ෂික බවත් පැවසුවේ ය.

    එමෙන් ම ආශික අධික්ෂණ කාරක සභාව මාධ්‍යයට විවෘතව කරන ලෙස කතානායකවරායගේන් ඉල්ලා සිටින බව අධ්‍යාපනය හා මානව සම්පත් ආශික අධික්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා ප්‍රකාශ කළේ ය.

    මෙම කාරක සභාව මාධ්‍යයට විවෘත වුවහොත් ප්‍රතිපත්ති සම්පාදනය වන ආකාරය ජනතාවට දැනුම්වත් විමේ අවස්ථාව උදා වන බව පැවසිය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya